2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

දැක්ක ගමන් මිලටගත් බෙයාෆුට් විලාසිතා

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

බෙයාෆුට් මගින් සංවිධානය කරපු විශේෂ වැඩසටහනකට මම පහුගියදා සහභාගී වුණා. Garden Cafe එකේ පැවැත්වුණු මේ වැඩසටහන නම් කරලා තිබුණේ, The House Collection Showcase නමිනුයි.

එහිදී බෙයාෆුට්හි අලුත් විලාසිතා ගොඩක් ඉදිරිපත් කෙරුණා. හරියටම කිව්වොත් විලාසිතා නිර්මාණකරුවන් පස්දෙනෙක් යටතේ නව විලාසිතා 60ක් හඳුන්වා දුන්නා.  මෙහි විශේෂතාවය තමයි විලාසිතා නිරූපණයේදී දැකපු විලාසිතා සියල්ලම පාහේ මිලදීගැනීමට අවස්ථාව තිබීමයි. ඒක ඇත්තටම ගොඩක් හොඳ අත්දැකීමක්. අලුතින්ම එකතුවුණු විලාසිතා සාප්පුවට එනතුරු නොසිට එතැනදීම මිලදී ගන්න එහි පැමිණ සිටි අයට පුළුවන් වුණා.

බෙයාෆුට් මෙවැනි විලාසිතා දැක්මක් සංවිධානය කළේ වසර ගණනාවකට පසුවයි. වැඩිහිටියන් වගේම ළමයිනුත් සිටි මේ විලාසිතා දැක්මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම ඉදිරියේදීත් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සංවිධායක මණ්ඩලය පැවසුවා. 

ධනු
ඡායාරුප - You’re My Favorite

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00