මොළයක් බද්ධ කරගන්න අවශ්‍ය වුණු රෝගියෙක් එකෝමත් එක පෞද්ගලික රෝහලකට ගියා. (නෑ නෑ ඔක්සිජන් ටැංකි ඩොං පටෝං වෙන එකට නෙමේ වෙන එකකට...) එතන හිටපු දොස්තර කෙනෙක් රෝගියාව පරීක්ෂා කරලා, එයාට තේරීම් හතරක් දුන්නා. බද්ධ කරන්නට සූදානම් කරපු මොළ හතරක්. ඒවායේ විස්තර සහ මිල ගණන් මෙහෙමයි.
සිංහල ජාතිකයෙක්ගෙ මොළයක්- රු. මිලියන 5
දෙමළ ජාතිකයෙක්ගෙ මොළයක්- රු. මිලියන 5
මුස්ලිම් ජාතිකයෙක්ගෙ මොළයක්- රු. මිලියන 5
ජාතිවාදියෙක්ගෙ මොළයක්- රු. මිලියන 500
“දොස්තර මහත්තයෝ මේ අන්තිමටම තියන මොළේ මොකදෑ මේ හැටි ගණං?” රෝගියා ඇහුවා.
“ඒක කවදාවත් විහිළුවටවත් ආසාවටවත් පාවිච්චි කරලා නෑ... ! ඒකයි."
► ඔමරියා (බූන්දි)