ජපන් රසට අවුරුදු සමරන්න
වසර අවසානයත් නව වසරේ ආරම්භයත් ජපන් තාලෙට සමරන්න අවස්ථාවක් මූවන්පික් හෝටලයෙන් සූදානම් කර තිබෙනවා. දෙසැම්බර් 31 වැනිදා මූවන්පික් හෝටලයේ Robata Grill & Lounge හිදී පැවැත්වෙන මේ ජපන් ආහාර සාදයේදී සුෂී වර්ග වගේම තෝකියෝ කොක්ටේල් වර්ගත් රස විඳින්න ලැබේවි.
අන්තර්ජාතික ආහාර සැණකෙළියක්!
ග්‍රීන් පාත්හිදීම දෙසැම්බර් 29, 30 සහ 31 යන දවස් තුනේ ජාත්‍යන්තර මට්ටමේ ආහාර අත්දැකීමක් විඳගන්න පුළුවන්. Eat With Beat ලෙසින් නම් කරලා තියෙන මේ වැඩසටහන හඳුන්වාදී තිබෙන්නේ වසරේ විශාලතම ආහාර සැණකෙළිය ලෙසටයි.