උඩවලව කියන්නේ අපේ රටේ ඉතාමත් ජනප්‍රිය වනාන්තර ආශ්‍රිත ගමනාන්තයක්. 1972දී උඩවලව ජාතික උද්‍යානයක් බවට පත්කළ දා සිට වනජීවී සුන්දරත්වය විඳින්න කැමති සෑම සංචාරකයෙක්ම ඒ අවට ප්‍රදේශයට ඇලුම් කරන්න පටන්ගත්තා. විශේෂයෙන්ම උඩවලව ‘ඇත් අතුරු සෙවණ’ ඊට වැඩියෙන් සංචාරකයින් ඇද ගන්න තවත් හේතුවක්.
කෙසේ වෙතත් කාලයක් පටන් උඩවලව ප්‍රදේශයේ තිබුණු අඩුපාඩුවක් තමයි හොඳ සැපපහසු හෝටල් පහසුකම්වල හිඟය. නමුත් 2012දී ග්‍රෑන්ඩ් උඩවලව සෆාරි රෙසෝට් හෝටලය ඉදිවීමත් සමඟ ඒ අවශ්‍යතාවයත් සෑහෙන දුරකට සම්පූර්ණ වුණා.
උඩවලව උද්‍යානය පෙනෙන මානයේ පිහිටා තිබෙන ග්‍රෑන්ඩ් උඩවලවේ සෆාරි රෙසෝට් හෝටලය තමයි ඒ අවට තිබෙන එකම තරු පන්තියේ හෝටලය. පසුගියදා තමන්ගේ පස්වැනි සංවත්සරය සමරපු මේ හෝටලය මේ නිවාඩු කාලයේදී ශ්‍රී ලාංකික පවුල් වෙනුවෙන් විශේෂ පහසුකම් සහ පැකේජ රැසක් පිරිනමන්නත් සූදානමින් ඉන්නවා.
තරු හතරේ හෝටලයක් වන මෙහි සුඛෝපභෝගී විලා 22ක් Suites කාමර 04ක් Deluxe කාමර 24ක් Superior කාමර 29ක් ඇතුළුව මුළු කාමර 79ක් තිබෙනවා.
මත්තල ගුවන්තොටුපොළ සිට මේ හෝටලයට මිනිත්තු 45කින් ළඟා වෙන්න පුළුවන්. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇත්තේ මිනිත්තු 30ක දුරක්. මේ නිසාම සූරියවැවට පැමිණෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් නවාතැන් ගන්නේත් මේ හෝටලයේයි.
හෝටලයේ නව අංගනයත් සමඟ වනාන්තරයට මුසුවුණු අලුත් කොටසක් නවාතැන් ගන්නා සංචාරකයින් වෙනුවෙන් ඉදිකර තිබෙනවා. ඊට පිටස්තර පුද්ගලයන්ට ඇතුළු විය නොහැකි නිසා ඉතාම පෞද්ගලික අයුරින් තම නිදහස භුක්ති විඳීමේ අවස්ථාව සංචාරකයින්ට ලැබෙනවා. මේ කොටසේ Grand Suites නමින් සුවිශේෂී කාමර ඒකක 22ක් පවතිනවා. ඒවා නවීනතම හෝටල් පහසුකම්වලින් සමන්විතයි.
හෝටලයේ සෙසු ඉදිකිරීම් කොටස් තුනකින් යුක්තයි. Forest wing, Pool wing සහ Stream wing යනුවෙන් ඒවා නම්කර තිබෙනවා. Stream wing මලබොටු ඔයෙන් වෙන්ව පවතිනවා. එය වලවේ නදියේ අතු ගංඟාවක්.
මෙහි ආහාරපාන අත්දැකීමත් ඉතාම සුවිශේෂියි. එහි කෝපි හල නම්කර ඇත්තේ මොනරා නමින්. ‘ඇත් ගාල’ සහ ‘අලි මංකඩ’ නමින් තවත් අවන්හල් දෙකක් තිබෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සුප්‍රකට ‘වළ’ එළිමහන් රංග වේදිකාව ස්වරූපයට ඉදිකළ ‘උණ සෙවණ’ නම් ස්ථානයත් බොහොම ආදරණීය මොහොතක් ගෙවන්න සුදුසු තැනක් විදිහට සංචාරකයින් අතර ජනප්‍රියයි.
ව්‍යාපාරික කේන්ද්‍රයක්, ව්‍යායාම් මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාකයක්, උත්සව සහ සම්මන්ත්‍රණ ශාලා, මිනි සිනමාශාලාවක් ඇතුළු බොහෝ නවීන පහසුකම්වලින් පරිපූර්ණ මේ හෝටල් පරිශ්‍රය තුළ පරිසර සංරක්ෂණයට හා අප ජලය පිරිපහදු කිරීමට ගෙන තිබෙන පියවරත් ගොඩක් ප්‍රශංසනීයයි.
උඩවලවට අමතරම මඩුවන්වල වලව්ව, සංඛපාල විහාරය, කටුවන ලන්දේසි බලකොටුව, මදුනාගල උණුවතුර ළිං, වගේ ආකර්ෂණ රැසක් මේ සමීපයේ පිහිටා තිබෙනවා.
I සනත් වීරසූරිය