කොළඹ ග්‍රීන් පාත් කියන්නේ කාලයක් තිස්සේම ආහාරපාන සැණකෙළි වෙනුවෙන්ම ප්‍රසිද්ධ වුණු වීදියක්. කොළඹ නෙළුම් පොකුණ රඟහලේ ඉඳන් කලාගාරය, ස්වභාවික විද්‍යා කෞතුකාගාරය, මහවැලි කේන්ද්‍රය වගේ ගොඩනැගිලි සමූහයත් අනෙක් පසින් දර්ශනීය විහාරමහාදේවි උද්‍යානයත් අතර දිවෙන ග්‍රීන් පාත් මාර්ගය පහුගිය සති අන්තයේදීත් ආහාරපාන සැණකෙළියකට වෙන්වුණා.
CMB ST Shopping “Food Festival” විදිහට නම්කරලා තිබුණු මේ ආහාර සහ වෙළෙඳ සැණකෙළියට වෙළෙඳ කුටි සීයකට වැඩි සංඛ්‍යාවක් එකතු කරලා තිබුණා. පෛ වර්ග, බර්ගර්ස්, කෙබාබ්, අයිස්ක්‍රීම්, චොක්ලට්, කොෆී, අයිස් ටී, මොහිටෝ වගේ ආහාරපාන රාශියක් එහිදී දැකගන්න ලැබුණා. විශේෂයෙන්ම තායි ආහාරපාන වර්ග කිහිපයකුත් එහිදී දැකගන්න ලැබුණා. ඒවායේ ඉවුම් පිහුම් කටයුතු කළේ තායිලන්තයෙන්ම පැමිණි පවුල් කිහිපයක්.
ආහාරපානවලට අමතරව විනෝදාස්වාදය සඳහාත් මෙහි හොඳ ඉඩක් වෙන්ව තිබුණා. නෙළුම් පොකුණ ආසන්නයේ විශාල වේදිකාවක බීට් බොක්සින් සහ ස්ට්‍රීට් ඩාන්සින් අංග ප්‍රදර්ශනය කෙරුණා. ඒ සඳහා දක්ෂ තරුණ පිරිසක් එක්ව සිටියා. ඒ අසලම කුඩා දරුවන්ගේ විනෝදය වෙනුවෙන් දැවැන්ත බවුන්සින් කාසල් එකක් නිර්මාණය කර තිබුණා.
මීට අමතරව වීදි සංගීත කණ්ඩායම්, ඩීජේ සංගීතය නිසාත් ග්‍රීන් පාත් මඟ දෙපස අමුතුම සුන්දරත්වයක් දකින්න ලැබුණා.
I රජිත