• පත්තෑ විසට
දිවුල් ගසේ පස පංගුව තම්බා පීරිසි කෝප්පයක වතුර දමා බොන්න.
• කුණකටු විසට
මේ සඳහාත් හොඳම ප්‍රතිකාරය වන්නේ දිවුල් ගසයි. දෙහි දළු, දිවුල් දළු සමව ගන්න. එය හොඳින් දෙහි ඇඹුලෙන් අඹරා ගන්න. පසුව දිවුල් කොළ, පොතු, කහ, ලුණු දමා කොටා මලවා කුණකටු දෂ්ඨ කළ තැන බඳින්න.
• ගෝනුසු විසට
පරණ කොහු ලණු පුළුස්සා ගත් අළු පොල්තෙල්වලින් අඹරා ගාන්න.
• දෙබර විසට
දෙහි ඇඹුලෙන් එරබදු අඹරා ගාන්න.
• කිනිතුල්ලන් එල්ලුණු විට
රතුලූණු ගෙඩියක් ගෙන එහි ඉස්ම කිනිතුල්ලන් වැටෙන තෙක් අතුල්ලන්න.
• මීයන්ගේ විසට
දිවුල් පොතු, දිවුල් කොළ කොටා මිරිකා කැකුළු හාලෙන් කැඳ සාදා බොන්නට දෙන්න.
• උලුක්කුවට
බෙහෙත් එඬරු ගසේ පස් පංගුව දියලුණු, අමු කහ දමා කොටා තල තෙලින් මලවා බඳින්න.
• කම්මුල්ගායට
අලි හක්ක දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න. බොහෝ ගැමි නිවෙස්වල අලි හක්කක් ඇත.
සුදු රෙදිවලට දමන නිල් දෙහි ඇඹුලෙන් කලවම් කර කම්මුලේ ආලේප කරන්න.
• කුද්දටිවලට
හුණු, සීනි, මී පැණිවලින් අඹරා කුද්දටිවල ආලේප කරන්න.
• ඉක්කාවට
වතුර වීදුරුවකට දෙහි ඇඹුල්, සීනා දමා ටික ටික බීමට දෙන්න.
• තැල්මකට
බටතැල්ල ගස, කහ, දියලුණු දමා කොටා මලවා බඳින්න.
(සුව සතුට ගෙන දෙන අත්බෙහෙත් ග්‍රන්ථය ඇසුරෙනි)