2018 ජනවාරි 06 වන සෙනසුරාදා

HIT TIPS

2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:0055

නිදහසේ 70 ලයනල් වෙන්ඩ්ට්

2018 කියන්නේ අපේ රට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්වෙලා හැත්තෑවැනි අවුරුද්දයි. මේ මොහොතේ ගෙවුණු අවුරුදු හැත්තෑව තුළ අපේ සමාජය තුළ සිද්ධවුණේ මොනවගේ විපර්යාස ද කියලා සුවිශේෂී නිර්මාණයක් ජනවාරි 10 වැනිදා සවස 7.30ට ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ දී පැවැත්වෙනවා. 

ඩෙල්ෆ්ට් දූපත් අපූරු සවාරියක්

ජනවාරි 12, 13 සහ 14 සති අන්තයේ ඩෙල්ෆ්ට් දූපත් ආශ්‍රිතව අපූරු සංචාරයක් සූදානම් වෙනවා. වෙරළේ කඳවුරු බැඳීමේ ඉඳන් සයිකල් සවාරි, අශ්වයන් නැරඹීම ඇතුළු බොහෝ දෑ ඊට අඩංගුයි. Cycle. Camp. Explore - Amazing Delft Island ලෙස හඳුන්වන මේ වැඩසටහන ගැන වැඩි විස්තර 0777339489 අංකයෙන් ලබාගන්න පුළුවන්.