2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ponnusamy Biriyani හරිම විවිධයි: ඒවගේම රසයි

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 220

කොළඹ හෝර්ටන් පෙදෙස කියන්නේ අවන්හල් සඳහාම වෙන්වුණු කලාපයක් කිව්වොත් වැරදි නැහැ. කොළඹ හතට අයිති හෝර්ටන් පෙදෙසේ තියෙන ප්‍රසිද්ධ ඉන්දියානු අවන්හලක් තමයි පොන්නුසාමි චෙට්ටිනන්ද් අවන්හල කියන්නේ. මේක ඇත්තටම ජාත්‍යන්තර අවන්හල් ජාලයක කොළඹ ශාඛාව. ඒ හින්දම සැබෑම ඉන්දියානු ආහාර රසය හොයාගෙන යන කෙනෙක්ට පොන්නුසාමි කියන්නේ මඟහරින්න බැරිම අවන්හලක්. 

හෝර්ටන් පෙදෙසේ පටන්ගැන්මේදීම හමුවන මේ අවන්හල තියෙන්නේ ප්‍රධාන පාරෙන් ටිකක් ඇතුළට වෙන්නයි. ඒ නිසාම අවන්හල අවට පරිසරය සෑහෙන නිස්කලංක ස්වභාවයක් උසුලනවා. ඇතුළුවන තැනම සිටුවලා තියෙන ප්‍රතිමාවලින් පරිසරයේ ඉන්දියානු ගතිය තවත් වැඩිකරවනවා.

මේ අවන්හලේ ඉන්න සේවකයන් වැඩිදෙනෙක් දෙමළ කතා කරන අය. ඒ නිසාම ඔවුන් ලවා අවශ්‍ය ඇණවුම ලබාගන්න එකනම් ටිකක් දුෂ්කර වැඩක්. ඒ වුණත් ඔවුන් තමන්ට හැකි උපරිම සේවයක් ලබාදෙන්න උත්සාහ කරනවා.

නමුත් උතුරු ඉන්දියානු අවන්හලක දී අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන අංගයක් වන පනීර් අපි යන වෙලාවේ තිබුණේ නැහැ. ඒක නම් ටිකක් හිත කලකිරවන සුළු දෙයක්. නමුත් ඒ වෙනුවට අපිට දුන් මල්ගෝවාවලින් හැදූ පනීර් පෙනුමේ ව්‍යංජනය පනීර් තරමටම රසයි. 

මෙතැනදී බිරියානි කියන්නෙත් අමතක කළ නොහැකි ආහාරයක්. සාමාන්‍ය පාරතොටේ කඩේක කන බිරියානි එකට වඩා විශේෂ රසක් මෙතැන තියෙනවා. අනිත් අතට චිකන් වගේම මට්න්, මාළු, කකුළුවන්, ඉස්සන්, බිත්තර වගේ බොහෝ රසවලින් බිරියානි ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම නාන්, පුල්කා, පරාතා වගේ රොටි වර්ගත් තෝස වර්ගත් මෙතැන තියෙනවා.  පොන්නුසාමි අවන්හලට යාබද ගොඩනැගිල්ලේ පිහිටලා තියෙන ඔවුන්ගේ අනෙක් අවන්හල තමයි වසන්ත භවන්. එතැන තියෙන්නේ සම්පූර්ණයෙන්ම නිර්මාංශ දකුණු ඉන්දියානු කෑම වර්ගයි. 

රජිත

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00