2018 ජනවාරි 13 වන සෙනසුරාදා

HIT TIPS

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

කැමතිද පකිස්තාන් කෑම කන්න?

පාකිස්තානු ආහාරවේලක් රසවිඳින්න කැමැතිද? එහෙනම් මෙන්න අවස්ථාවක්. කොළඹ ගලධාරි හෝටලයේ Coffee Shop හිදී ජනවාරි 10 වැනිදා සවස  සිට රාත්‍රි 10 වෙනතුරු විශේෂ පාකිස්තානු ආහාර උත්සවයක් පැවැත්වෙනවා. සූපවේදී අසාද් ලතීෆ් ගෙනෙන අලුත්ම ආහාර වට්ටෝරු රැසක් එහිදී දැකගත හැකිවේවි. 

මිරිස්සේ බෝට්ටු සාදය

මිරිස්ස වරාය කියන්නේ ඩොල්ෆින් සහ තල්මසුන් බලන්න යන යැච් බෝට්ටුවලින් පිරුණු තැනක්. ඉතින් මේ යැච් බෝට්ටුවක සාදයකට එක්වන්න තිබුණොත් කොහොමද? ඒකත් මුහුද මැදදි? ඉතින් ජනවාරි 20වැනිදා එහෙම අවස්ථාවක් උදාවෙනවා. Aqualic ලෙස නම්කරලා තියෙන මේ පාටිය ගැන වැඩි විස්තර 071 1127957 අංකයෙන් ලබාගන්න පුළුවන්.

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00