2018 ජනවාරි 13 වන සෙනසුරාදා

තේ-කුරුඳු ගම් මැද්දේ ඇල්පිටියේ ග්‍රෑන්ඩ් උමායා නම වගේම (ග්‍රෑන්ඩ්)

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

ඇල්පිටිය කියන්නේ සංචාරකයන් බහුල වශයෙන් ගැවසෙන ප්‍රදේශයක් නම් නොවෙයි. නමුත් තේ සහ කුරුඳු වගාවන්ගෙන් පිරුණු ඇල්පිටිය බොහොම සුන්දර පරිසරයක්. සාම්ප්‍රදායික ගම්මාන ජීවිතයත් සාමකාමී වටපිටාවකුත් රැගත් ඇල්පිටියේ පිටිගල මේ වනවිට නිවාඩු ගතකිරීමටත් විශේෂ උත්සව අවස්ථා වෙනුවෙනුත් කදිම ගමනාන්තයක් බවට පත්ව තිබෙනවා. ඒ ග්‍රෑන්ඩ් උමායා හෝටලයත් සමඟයි.

නවීන පහසුකම් සමඟින් පිටිගල ප්‍රදේශයේ ඉදිවුණු පළමු හෝටලය ලෙසත් ග්‍රෑන්ඩ් උමායා හැඳින්විය හැකියි. සුන්දර වෙල්යායකටත් කඳු ගැටයකටත් ආසන්නයේ ඉදිවී තිබෙන මේ හෝටලය පැලවත්ත මාර්ගයට සමීපයෙන් පිහිටා තිබෙනවා. 2017 මාර්තු මාසයේදී ආරම්භ වුණු මේ හෝටලයේ හිමිකරැවන් වන්නේ කුමාර පතිරණ සහ නිහාල් ජයසිංහ කියන මිතුරන් දෙදෙනායි.

සුවපහසු කාමර හයකින් යුත් මේ හෝටලයේ අමුත්තන් 16 දෙනෙකුට පහසුවෙන් නවාතැන් ගත හැකියි. බොහෝ විට පවුල් වශයෙන් පැමිණෙන සංචාරකයන් හට මෙහිදී හොඳ සේවාවක් ලැබිය හැකියි. නිවාඩු ගතකරන්නන්ට අමතරව උත්සව වෙනුවෙන්ද පහසුකම් සැලසීමට ග්‍රෑන්ඩ් උමායා සැදී පැහැදී සිටිනවා. ඒ වෙනුවෙන් 300 දෙනෙකුට පහසුකම් සැලසිය හැකි නවීන උත්සව ශාලාවක් ඔවුන් සතුයි.

ආහාරපාන ගැන කතාකිරීමේදී බොහෝවිට පළතුරු සහ එළවළු හෝටල් ගෙවත්තෙන්ම සපයා ගැනෙනවා. ඊට අමතරව ඒ අවශ්‍ය දෑ ලබාගන්නේ අවට ගම්වැසියන්ගෙන්. එනිසා ඉතාම නැවුම් තත්ත්වයෙන් ආහාර පාන පිළිගැන්වීම සිදුවෙනවා. 

එක්දින චාරිකා සඳහාත් ග්‍රෑන්ඩ් උමායා කාර්ය මණ්ඩලය සේවා සපයනවා. ඒ වගේම අසල සිටි පුරාණ විහාර නැරඹීම, තේ සහ රබර් වතු නැරඹීමට යාම, පක්ෂීන් නැරඹීම, අසල පිහිටි දියදහර ආදියත් මෙහි පැමිණෙන සංචාරකයන්ට ලැබෙන සුන්දර අත්දැකීම් ලෙස හැඳින්විය හැකියි. 

සනත් වීරසූරිය

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00