මහනුවර කියන්නේ කවදත් සංචාරක අාකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් හැබැයි නුවර දිස්ත්‍රික්කයටම අයිති නාවලපිටිය කියන්නේ සංචාරය සඳහා ඒ තරම් ජනප්‍රිය ප්‍රදේශයක් නෙමෙයි. මහවැලි ගඟ අසබඩ සුන්දරම දසුන් රැගත් නාවලපිටියට සංචාරකයන්ගේ අවධානය නොලැබීම ඇත්තටම පුදුමයක්. හැබැයි මේ වෙද්දි නාවලපිටියට තියෙන අවධානයේ ලොකු වේගවත් වැඩිවීමක් පේන්න තියෙනවා.
අක්කර දෙකහමාරක අත්‍යාලංකාර භූමියක ඔක්වින් රෙසෝට් හෝටලය ඉදිවන්නේත් මේ වැඩිවෙමින් තිබෙන සංචාරක ආකර්ෂණයේම ප්‍රතිඵලයක් විදිහටයි. ඇත්තෙන්ම ඔක්වින් රෙසෝට් තමයි නාවලපිටියට ප්‍රවිශ්ට වුණු මුල්ම තරු හෝටලය. මහවැලි ගංඟා සුදු ගල ඇල්ල නිර්මාණය කරන තැන අසල පිහිටලා තියෙන මේ සුන්දර හෝටලය පවුලේ ආදරණීය නිවාඩුවකට හොඳින්ම ගැලපෙනවා.
මේ හෝටලය ඉදිකර තිබෙන්නේ පරිසර හිතකාමී බවට මුල්තැනක් හිමිවන අයුරිනුයි. මහල් දෙකකින් යුත් හෝටලයේ සාමාන්‍ය කාමර වගේම Suites සහ කබානා මාදිලියේ නවාතැන් පහසුකම් පවා අන්තර්ගතයි. ඒ අනුව මෙහි සියලු කාමර සංඛ්‍යාව 18ක්. ඒ කාමර සියල්ල වායු සමීකරණය කරන ලද ඒවායි. ඊට අමතරව අඟල් 32 කේබල් ටීවී, තේ-කෝපි සෑදීමේ පහසුකම්, මිනි බාර්, ජැකුසී, සඳලුතලයක් වගේ පහසුකම් රැසක් අඩංගුයි.
හෝටල් කාර්ය මණ්ඩලයේ අපේක්ෂාව වී තිබෙන්නේ මහනුවර නගරයට පසුව නුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානම සංචාරක ගමනාන්තය බවට නාවලපිටිය පත්කිරීමයි. ඔක්වින් රෙසෝට්හි කෑමබීම අත්දැකීමත් සුවිශේෂී එකක්. විශේෂයෙන්ම අවට මාකට් එකෙන් සපයාගන්නා නැවුම් එළවළු සහ පලතුරුවලින් සාදන ශ්‍රී ලාංකික ආහාරපාන මෙහිදී ජනප්‍රිය තේරීමක්. ඊට අතිරේකව චීන, ඉන්දියානු, යුරෝපීය ආහාර රටාවන්ට අයත් කෑමබීමත් රසවිඳින්න පුළුවන්.
ගලබොඩ ඇල්ල, කබරගල කන්ද, කොත්මලේ දෙහෙඳු කඩුල්ල, ශ්‍රී පාදය, කිතුල්ගල වෝටර් රාෆ්ටින් වැනි අවට පිහිටි සුන්දර ස්ථාන නරඹන්නත් කිතුල්ගල වෝටර් රාෆ්ටින් වැනි ක්‍රියාකාරකම්වල නිරතවෙන්නත් හෝටලයෙන් චාරිකා සංවිධානය කරනවා.
I සනත් වීරසූරිය