2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ලෝකෙ ඇත්තටම රවුම්ද?

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

ලෝකෙ රවුම්ද? ඇත්තෙන්ම අහන්න තරම් ප්‍රශ්නයක් නෙමෙයි තමයි. හැබැයි ඉඩක් හම්බවෙච්ච වෙලාවෙ අන්තර්ජාලෙ නිකන් ඉන්නකොට හොයන්න හිතුණා ලෝකෙ රවුම්ද කියලා. 

අපි ලෝකෙ රවුම් කියලා හිතුවට තාම ලෝකෙ පැතලියි කියලා හිතන සෙට් එකකුත් ඉන්නවා. (හිතන්න එපා ඒ අර සීසර් ගෙ කාලෙ ගෝල් දේශයේ වැසියො කියලා. මොකද ඒ ගොල්ලොනෙ ලෝකෙ රොටියක් වගේ තැටියක් කිය ල හිතාගෙන හිටියෙ) මේ අපි ජීවත්වෙන ලෝකෙම ඉන්න මිනිස්සු තමයි එහෙම හිතන්නෙ. 

හිතල නිකම් ඉන්නවනම් තව කමක් නෑ. මෙන්න ඒකට හේතුත් හොයලා ජාත්‍යන්තර පැතලි ලෝක සංගමය (International Flat Earth Society) කියල සංගමයකුත් හදාගෙන. අනේ මන්ද? මේ වගේ හිතන මිනිස්සු එක්ක අපිත් ඉන්නවනෙ. ඒ කාලෙත් (මට හරියටම මතක නෑ. ගැලීලියෝටද කොහෙද) පල්ලියෙ නිවාස අඩස්සියට පත්වෙන්න වුණෙත් ලෝකෙ ගෝලාකාරයි කියල. ඉතින් තාමත් ලෝකෙ පැතලියි කියලා හිතන අය ගැන කවර කතාද?

 අචිර ලියනගේ

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00