අලුත් අවුරුද්දේ ඉස්ඉස්සෙල්ලාම මම ගොඩවුණු අවන්හල තමයි Black Cat Cafe. කොළඹ විජේරාම මාවතේ පිහිටලා තියෙන මේ අවන්හල ඇත්තට හරිම වෙනස් තැනක්. අවන්හලට ඇතුළු වුණු වෙලාවෙ ඉඳන් මට දැනුණේ මගේ අත්තම්මාගේ මුළුතැන්ගෙට ගියා වගේ හැඟීමක්. ඒ තරම් උණුසුම් මිත්‍රශීලී වටපිටාවක් තමයි එතැන තිබුණෙ.
මේ අවන්හලේදී දැකපු තවත් හොඳ දෙයක් තමයි පොත් කියවන්න එයාලගෙන් ලැබෙන අනුබලය. ඒක කොච්චරද කියනවා නම් කෑමට බීමට එන පාරිභෝගිකයන්ට කියවන්නම පොත් රාක්කයකුත් මෙතැන තියෙනවා. ඒක හරිම අපූරු වැඩක්!
මම ඇණවුම් කළේ “bangers and mash” කියන ආහාරයයි. ග්‍රිල් කරපු චිකන් සොසේජ් දෙකක්, මාෂ් පොටේටෝස්, ග්‍රීන් බීන්ස් සහ සලාදයක් එක්ක මේසය මතට ආපු ඒක ඉතාම රසවත්.
ඊළඟට මම රස බැලුවේ එයාලගේ අයිස් කෝපි එකයි. ගොඩක් වෙලාවට අපිට මුණගැහෙන්නේ කෝපි රසයට වඩා කිරි රසයත් සීනි රසයත් ඉස්මතු වෙන අයිස් කෝපි වුණත් මෙතැනදී නම් අත්දැකීම වෙනස්. කෝපිවලට ආදරය කරන අයට කෝපි රහ දැනෙන අයිස් කෝපි එකක් මෙතැනදී රස විඳින්න පුළුවන්. එක ගොඩක් වටිනවා.
මුදල් ගෙවීමේ කවුන්ටරය ළඟත් පුංචි බෝල බෝල රසකැවිලි රාශියක් තියෙනවා. ස්පොන්ච් වගේ මෘදු මේ රසකැවිලිත් අවන්හලේ රසවත් අත්දැකීම තවත් සුන්දර කරවනවා.
- ධනූ
ඡායාරූප - You’re my favorite