මණ්ඩියක් නැත එක ගෙයක් ඇත
එයත් අම්මා නමටනේ....
ජොබක් සෙට් වී නැතිව ගොස් ඇත
බොසා බට කොළ කැව්වනේ....
ලෙක්චරේ කට් නොකර ඉඳලත්
දෙවියනේ මම ෆේල්නේ....
නෑනගේ ජංගමේ දුක දැන්
කොයි වෙලාවෙත් බිසීනේ....
අප්ප මළ දා අම්මා කිව්වලු
කුඩප්පෙක් නෑ ගෙනෙන්නේ....
කුඩප්පලා ගෙන ආපු කපුවොත්
කුඩෙන් ගුටි කා දිව්වනේ....
හැට්ට රෙදි මහ මහා කර ගැට
එද්දි මට හැංඟුවානේ....
එහෙව් අම්මට පුතෙක් ඇයි මං
දුවෙක් නොවුණේ දෙවියනේ....
රැට නැගිටං අම්මා ඇඬුවලු
උණෙන් මං වෙව්ලූ වෙලේ....
බේත් හදලා මාව තැව්වලු
සිහිය මගෙ නැති වුණ කලේ....
ආදරෙන් මට අඬගහද්දී
එදා පැන්නත් මං කැලේ....
හැන්ද වී ඉර පණ අදිද්දී
ඇගේ මතකෙන් මං පෙලේ....
►සුහාරා පෙරේරා