පිහිනීම, සයිකල් පැදීම සහ දිවීම යන ජව සම්පන්න ක්‍රියාකාරකම් තුනම එකට එකතුකරමින් නිර්මාණය කර තිබෙන ලෝක ප්‍රසිද්ධ Iron Man තරගමාලාවේ එක් අදියරක් පෙබරවාරි 25 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.
ජවසම්පන්න පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටත් විවෘත මේ තරගයේදී ගාලු මුවදොර අසල මුහුදේ කිලෝමීටර 1.9ක් පිහිනීමටත්, කොළඹ වරාය ආසන්නයේ කිලෝමීටර 90ක දුරක් සයිකල් පැදීමටත් කොළඹ නගරය වටා තවත් කිලෝමීටර 21.1ක් දුව යන්නටත් මීට සහභාගි වන තරගකරුවන්ට සිදුවෙනවා.
පිහිනීම, සයිකල් පැදීම සහ දිවීම යන ක්‍රීඩාවන්හි ලෝකයේ ප්‍රධානම පෙළේ ක්‍රීඩා ඉසව්ව ලෙස සැලකෙන මෙම Iron Man තරගාවලිය ආරම්භ වුණේ ඇමරිකාවේ සැන් දියාගෝහිදී 70 දශකයේදීයි. එතැන් සිට අද දක්වා ලොව පුරා රටවල් ගණනාවක් ආවරණය කරමින් පැවැත්වෙන මේ තරගාවලියට මුළු මහත් ලෝකයේම අවධානය යොමුවෙනවා.
ජාත්‍යන්තර තරගාවලියක් වන නිසාම ලාංකික තරගකරුවන් වගේම ලෝකයේ නන් දෙසින් තරගකරුවන් පැමිණීමට නියමිතයි.