2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ඇසේ සුදට බෙහෙත් කකුලෙන්

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1915

ඇසේ කාචය තුළ වළාකුළු ස්වභාවයක් හටගැනීමත් ඒ හේතුවෙන් දෘෂ්ටිය අඩුවීමත් අසේ සුද ඇතිවීම ලෙසින් හැඳින්වේ. මේ තත්ත්වය දිගින් දිගටම ඇති වීමෙන් ඇස් අන්ධ වීමේ අවදානමක් ඇති වීමට ද පුළුවනි.  ආයුර්වේදයේ මෙය “තිමිර” රෝගය ලෙසින් හැඳින්වේ.

මෙම රෝගය වැඩි වශයෙන් හටගනු ලබන්නේ වියපත් වැඩිහිටියන් අතරේය. එමෙන්ම කෙනෙකුගේ ඇසේ සුද ඇතිවීම අවස්ථා හතරකට දැක්විය හැක.

01. වියපත් වීම නිසා හටගන්නා ඇසේ සුද.

02. උපතින්ම ඇසේ සුද ඇතිවීම රුබෙල්ලා රෝග තත්ත්වය, දරුගැබ තුළ හටගන්නා වෙනත් ආසාදන තත්ත්වයන් නිසා, ගර්භාෂය තුළදී කළලය වර්ධනය වීමේදී හටගන්නා අසම්පූර්ණතා හේතුවෙන්.

03. ද්වීතීය තත්ත්වයේදී ඇතිවන සුද (මෙය දියවැඩියා වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් හට ගැනේ. එමෙන්ම පාරජම්බුල කිරණ ඇසට පතිත වීම, විකිරණයන්ට ඇස නිරාවරණය වීම වැනි තත්ත්වයන් නිසා.)

04. ව්‍යාධි තත්ත්වය තුළ හටගන්නා සුද. මෙය ඇති වෙන්නේ ඇස තුවාල වීමෙන්ය. එමෙන්ම සිගරට් සහ මත්පැන් අධිකව පානය කරන අයටද පසුකාලීනව ඇසේ සුද ඇති වීමට බොහෝ ඉඩකඩ ඇත.

ඇසේ සුද ඇති වීම ආයුර්වේදයට අනුව වාත දෝෂයක් වාත කෝප වීම නිසා හටගනී. සංයුතියේ වෙනස්කම් ඇති වීමෙන් විෂම වූ ප්‍රෝටීන අණු සහ රසායනික අණුවල තැන්පත් වීම නිසාද සුද ඇතිවීමට පුළුවනි. ඇතැම් අක්ෂි සැත්කම්වල අතුරු ඵලයක් ලෙස සුද හටගනී. උදාහරණයක් ලෙස ඇසට සිදු කරන ලේසර් සැත්කම් (Peripheral iridotomy) ග්ලූකෝමාව සඳහා කරන සැත්කම් (Trabeculetomy) යනාදිය හේතුවෙන් ඇසේ සුද හටගැනීමේ අවදානම වැඩිය. අධෝරක්ත කිරණවලට ඇස නිරාවරණය වන අවස්ථාවලදී වෙල්ඩින් වැඩවලදී මේ රෝගය ඇති වීමේ අවස්ථා වැඩිය.

එමෙන්ම ගර්භනී කාලයේදී මවට ජර්මන් සරම්ප (Rubella) රෝගය වැළඳී ඇත්නම් ඇයගෙන් බිහිවන දරැවාගේ ඇසේ සුද මතුවීම රෝගයට ඇතිවිය හැක.

එමෙන්ම දිගු කාලීනව බෙහෙත් පෙති හෝ ඇසට දමන දියර පාවිච්චි කිරීමෙන්ද සුද මතුවිය හැක. නිදන්ගත ශ්වසන රෝගයක් වන ඇදුම සඳහා පාවිච්චි කරන ස්ටෙරොයිඩ් වර්ග දීර්ඝකාලීනව පාවිච්චි කිරීමෙන් ද ඇසේ සුද මතුවේ.

රෝග ලක්ෂණ

 දෘෂ්ටි පථය සෑම විටම බොඳවී පෙනීම. වළාකුළු මෙන් දිස්වීම.

 ළඟ පෙනීම හෝ දුර පෙනීමට ඇති බාධාවන්.

 වර්ණයන් වෙනස් ලෙස දැකීම.

 රාත්‍රී කාලයේදී රිය පැදවීමට ඇති නොහැකියාව.

 ඇස ඉදිරිපිට ඇති වස්තූන් දෙගුණ වී පෙනීම.

 කණ්නාඩි පළඳින අයට ඒ තුළින්ද නිසි ආකාරව නොපෙනීම.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සුදට බෙහෙත් බැඳ සුවකරගත හැක. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව සැත්කම් නිර්දේශ කළ ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පිටත බෙහෙත් බැඳීමෙන් මෙය සුවකර ගත හැක. මෙම බෙහෙත් බැඳීම සිදුවන්නේ රෝගියාගේ ඇසට නොව රෝගියාගේ පාදයේ මාපටැඟිල්ලටය. වම් ඇසේ සුදට දකුණු පාදයේ මහපටැඟිල්ලටත්, දකුණු ඇසේ සුදට වම් පාදයේ මහපටැඟිල්ලටත් බෙහෙත් බැඳිය හැක. ආයුර්වේදයට අනුව ඇසේ සුද රෝගයට ඇසට බෙහෙත් දැමීමක් සිදු නොවේ.

ඇසේ සුද රෝගයට ප්‍රතිකාර කිරීමට පළමුව රෝගියා හොඳින් පරීක්ෂා කර බැලිය යුතුය. දියවැඩියාව, අධි රැධිර පීඩනය, ඇදුම වැනි රෝග තත්ත්වයන් මෙන්ම රෝගවල ස්වභාවය අනුව කරනු ලබන ප්‍රතිකාරද වෙනස් වේ. මේ නිසා ඔබගේ ඇසේ සුද ඇතැයි ඔබට යම් සැකයක් පවතී නම් ඉක්මණින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00