මීගමුව ගොඩක් දෙනෙක් අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ පුංචි රෝමය නමිනුයි. පෘතුගීසි සහ ලන්දේසි උරුමයන් සහිත මීගමුව එම යුගවලදී අපේ රටේ කුළුබඩු අපනයනයේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙනුත් භාවිත වුණා.
අද වනවිට මීගමුව කියන්නේ සංචාරක කර්මාන්තය අතින් විශාල ප්‍රගතියක් අත්කරගත් කලාපයක්. කඳාන සිට මාරවිල දක්වා මුහුදු තීරය සංචාරකයන් බහුලව ගැවසෙන ප්‍රදේශයක්.
මේ මුහුදු තීරයේ වයික්කාලට අයත් සූරිය රෙසෝට් ඇන්ඩ් ස්පා කියන්නේ මේ ප්‍රදේශයේ පිහිටි ඉතාමත් සුඛෝපභෝගී හෝටලයක්. පුත්තලම මාර්ගයේ සිට කිලෝමීටර දෙකක් දුරින් තමයි මේ හෝටලය පිහිටා තිබෙන්නෙ.
එක් පසෙකින් ගිං ඔය හා කලපුවත්, අනෙක් පසින් වයික්කාල වෙරළ තීරයත් මායිම් කරගනිමින් අක්කර 11ක භූමියක් පුරා පැතිර තිබෙන සූරිය රෙසෝට් හෝටලය පොල් ගස්, පාම් ගස් වගේම කඩොලාන ශාක ගහණයකුත් සහිත ඉතාම සෞන්දර්යාත්මක වටපිටාවක් ලෙස හැඳින්විය හැකියි.
හෝටලය සතු මුළු කාමර සංඛ්‍යාව 58ක්. ඊට ජලය මත පිහිටි ෂැලේ 05ක්, සුපීරියර් suites 11ක් සහ ඩිලක්ස් කාමර 42ක් ඇතුළත්. මේ සියලු කාමරවල තිබෙන බැල්කනිවලට ඉන්දියන් සාගරයේ හිරු ගිලී යන දර්ශනය මනරම් ආකාරයෙන් දිස්වෙනවා.
මේ සියලු කාමරවල වායු සමීකරණ, සැටලයිට් ටීවී, ජාත්‍යන්තර ඇමැතුම් හැකියාවන්, ආරක්ෂිත සේප්පු, මිනි ෆ්‍රිජ්, ජැකූසි ඇතුළු පහසුකම් රැසක් අඩංගුයි. මේ හෝටලය සතු තවත් අපූරු විශේෂාංගයක් තමයි වර්ග අඩි 12,000කින් යුතු දැවැන්ත පිහිනුම් තටාකය. එහි ජැකූසි පහසුකමත් පවතිනවා.
ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිම කරලා තියෙන ප්‍රධාන අවන්හලත් සුන්දර තැනක්. එහි දේශීය ආහාර වගේම ලෝකයේ විවිධ කලාපයන්ට අයත් ආහාර දකින්න පුළුවන්. ඒ සියල්ල අතුරින් මීගමුවටම ආවේණික black pork curry මේ අවන්හලේ ජනප්‍රියතම ආහාර තේරීමක් ලෙස හැඳින්විය හැකියි.
මේ හෝටලයේ නමටම ස්පා යන කොටස එකතු කර තිබෙනවා. ඒ නිසාම ස්පා එකකට අවශ්‍ය නිසි වැදගත්කම මෙහිදී දකින්න පුළුවන්. ගතට මෙන්ම මනසටත් සුවදායක ඉතාම උසස් තත්ත්වයේ සම්බාහන අත්දැකීමක් එහිදී ලබාගත හැකියි.
සනත් වීරසූරිය
සේයාරූ - දීප්ති වීරසූරිය