2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

කොළඹ හයේ ප්‍රංශ ඩෙසර්ට් අවන්හල Schakasz Dessert Bar

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

♦  මාෂ්මලොව්ස් හොට් චොකලට්

♦ සෝඩා දැමූ පීච් අයිස් ටී

Schakasz කියන්නේ ප්‍රංශ ආරේ අතුරුපස වගේම රසකැවිලි සහ විවිධ බීම වර්ග වෙනුවෙන්ම විවෘත වුණු අපූරු අවන්හලක්. කොළඹ 06 ස්ට්‍රැට්ෆෝඩ් පාරේ පිහිටලා තියෙන මේ අවන්හල වැඩියෙන්ම ප්‍රසිද්ධ අතුරුපස වෙනුවෙන්මයි. 

චානික රොද්‍රිගෝ සහ කසුනි සිල්වා කියන මිතුරන් දෙදෙනාගේ අදහසක් අනුව විවෘත වුණු මේ අවන්හල පුරාවටම ප්‍රංශ හුරුවක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම ඇතැම් අතුරුපස හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රංශ ආහාර රටාව අනුව යමින්. තවත් ඒවා ප්‍රංශ ආහාර රටාව පදනම් කරගෙන හදලා තියෙනවා.

අවන්හලේ ඇතුළත වගේම පිටතත් ආසන පනවා තිබෙනවා. නමුත් ඇතුළත අසුන් ගත්තොත් එතැන තියෙන කලබලකාරීත්වය මුහුණ දීමට සිදුවෙන බව නම් කිව යුතුයි.

ඔබ Schakasz වෙත ගියොත් අනිවාර්යයෙන්ම රස විඳිය යුතු පානයක් තමයි හොට් චොක්ලට්. කියාගන්න බැරි තරම් රසයක් තියෙන මේ හොට් චොක්ලට් එකට රසවත් ඩාක් චොක්ලට් වගේම මිනි මාෂ්මලොව්ස් එකතු කරලා තියෙනවා. ඒ වගේම පෙනුමත් ගොඩක් හොඳයි. කුරුඳු රසයත් යාන්තමින් දැනෙන්නේ රසය තවතවත් වැඩිකරමිනුයි. 

මම ඒ තරම් බ්ලැක් ටී රසිකයෙක් නොවුණත් එයාලා ගාව තියෙන පීච් අයිස් ටී එක නම් ගොඩක් රසවත් බව පිළිගන්න වෙනවා. ඒකේ උඩින් සෝඩාත් දාලා තියෙන නිසා වෙනස්ම රසයක් දැනෙනවා.

රාස්බෙරිවලින් තැනූ රාස් බේබි නම් ස්පොන්ච් කේක් එකත් රස බැලිය යුතුම අතුරුපසක්. ඒක හදලා තියෙන්නේ වැනිලා ලේයර්ස්වලට වයිට් චොක්ලට් මූස් වගේම රාස්බෙරි බටර් ක්‍රීම් යොදලයි.  Burnt Butter කුකීස්, Goodness Me, Kahlua Cheesecake, Red Velvet   සහ Roly Poly කියන්නේ තවත් ඒ වගේ රසවත් ආහාර වර්ග කිහිපයක්. 

නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ- කණිෂ්ක ගනේවත්ත

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00