පසුගිය පෙබරවාරි 4 වන ඉරිදා දේශය පුවත්පතට ලිපියක් සපයමින් මෙම ලියුම්කරු පැවසුවේ මෙසේය.
මෙම මැතිවරණය ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වුවහොත් පොහොට්ටුව ලකුණේ බලවත්තු ලෙස දැනට මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන කණ්ඩායමට සුවිශේෂ ජයක් අත්කර ගත හැකි බව පෙනෙන්නට තිබේ. ජනතා බලය පොහොට්ටුව දෙසට ගමන් කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයේ මේ වනවිට ගුරැගේ මහ දශාවේ සිකුරුගේ අන්තර් දශාව පවතින අතර සිකුරු රාජයෝග කාරක වෙයි. මේ නිසා ඔහු වටා එක්රොක්වන ජනතා බලවේගය අති විශාල බව මෙම ලේඛකයා පෙන්වා දී ඇත. මහ දශා අධිපති ගුරු ග්‍රහයා මහින්දගේ ජන්ම කේන්ද්‍රයේ බලවත් සිකුරු තැන්පත් රාශියේ ගමනක යෙදීම නිසා පැවැත්ම සඳහා අවශ්‍ය සියලු දේ ලබාදෙන කාලයක් බවට පත්ව ඇතැයි ඔහු පෙන්වා දී තිබුණි. මේ නිසා මෛත්‍රීපාල හා රනිල් අභිබවා ජනතා ආකර්ශනය ලබා ගැනීමට මහින්ද සමත් වන බව ඔහු අවධාරණය කර ඇත.
ඔහුගේ අනාවැකිය සත්‍ය බවට පත් කරමින් මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව ලකුණ පළාත් පාලන මැතිවරණයේදී සුවිශාල ජයග්‍රහණයක් ලැබූ අතර මෙයින් පසු රටේ සිදු විය හැකි වෙනස්කම් පිළිබඳ ඔහු මෙ ලිපියෙන් විග්‍රහයක යෙදෙයි.
ඔහු පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාහු අන්තරය තුළ රාහු ග්‍රහයා 10 වැන්න වන රාජ්‍ය බලය නිවේදනය කරන ස්ථානයක සිටින නිසා ඔහු ගන්නා තීන්දු තීරණ රටේ ඉදිරි ගමන් මග නිවේදනය කිරීම සඳහා වැදගත් ලෙස බලපාන බවය.
වසර 48කට පසු අඟහරු ග්‍රහයා දීර්ඝ කාලයක් හෙවත් මාස 7ක කාලයක් උච්ච රාශියේ ගමන් කිරීම අපේ රටේ දේශපාලනික වශයෙන් මහත් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය ද කරන්නට උදා වූ ග්‍රහචාරයක් බව කිව යුතුය. 1971 අප්‍රේල් මාසයේ කුජ ග්‍රහයා මකර රාශියේ බලවත් වන මොහොතේ පැවති ආර්ථික හා දේශපාලනමය පසුබිම තුළ හෙවත් පරිසරයට අනුකූලව මහා විනාශයක් අත්වූයේ එදා පැවති රජයේ අදූරදර්ශී හා හිතුවක්කාර පාලනයක් පැවතී තිබීම යැයි යන්න මගේ විශ්වාසයයි. වසර 48කට පසු 2018 මැයි මාසය ආසන්නයේ නැවත එලෙස මකර රාශියෙහි කුජ ග්‍රහයා දීර්ඝ කාලයක් ගමන අරඹන අවස්ථාවේ පවතින දේශපාලන පරිසරය මත පදනම්ව රටේ තත්ත්වය කොයි ආකාරයට පවතීදැයි මේ වනවිට කාහටත් තේරැම් ගන්නට හැකි බවද මගේ විශ්වාසයයි. 1971 අප්‍රේල් මාසයේ තරුණ අසහනය හරහා මතුවූ අරගලයට විසඳුම් වෙනුවට රජය මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් ජීවිත විශාල සංඛ්‍යාවක් බිලි ගනිමින් රාජ්‍ය දේපලවලට ද හානි පමුණුවමින් මහත් වූ විනාශයක් හා කලබැගෑනියක් සිදු විය. එය සිදු වූයේද මැතිරවණයක් අවසන් වී මාස කිහිපයකදීය. එදා පැවති තත්ත්වය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද රජයක් පෙරලා නව රජයක් පත්වී තිබියදී නව රජය පෙරලා දමන්නට සැලසුම් කරන අවස්ථාවකදී එම පිරිස් මර්දනය කරන්නට දැරූ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. නමුත් වර්තමානයේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂයක් තවදුරටත් පවතින මොහොතක තත්ත්වය කෙබඳු වේදැයි සිතාගන්නට ඉදිරියේදී පවතින ග්‍රහ බලය ඉවහල් වනු ඇත. මින් පෙරද මා විසින් මේ ගැන සඳහන් කළේ එදා පැවති දේශපාලනික පරිසරයට වඩා මෙවර ඉතාමත් බියකරු ස්වරූපයක් ගන්නා බවයි. ඉදිරියේදී ඉතා බිහිසුණු කැරලි, උද්ඝෝෂණ හා වැඩ වර්ජන ඇති විය හැකි අතර එහිදී කාලෝචිතව හා ජනතාවට නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය නොකළහොත් භයානක තත්ත්වයකට පත්වීම නොවැළැක්විය හැකිය.
මේ වනවිට ජනාධිපතිගේ ග්‍රහචාරයට අනුව රාහු ග්‍රහයා 10 වැන්නේ ගෝචර වීම හා රාහු අන්තර් දශාවක ගෙවීම එතුමාගේ බලතල ක්‍රියාත්මක කරන්නට හැකියාව උදා කරදී ඇත. මේ වනවිට කරැ ජයසූරිය, චමල් රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන, සජිත් ප්‍රේමදාස යන අයගේ උපන් ග්‍රහචාරයන් බලවත් වන බවක් ද පෙන්වයි. රනිල් වික්‍රමසිංහ මහතාට බොහෝ හානි ගෙන දෙන බව මින් පෙර සඳහන් කර ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ ග්‍රහ බලය ඉතා බලවත් බව මා දැඩි ලෙස අවධාරණය කළේ මෙයට පෙරය. නමුත් එතුමා නිහඬ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.
ලෝකායතන ජෝතිෂ්‍යයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොතේ පවතින ග්‍රහ බලය ද කිසියම් අනතුරුදායක බවක ඉඟි පළකිරීමක් ඇති වන බව පෙනෙයි. 1971 අප්‍රේල් 14 වෙනි දින උදේ 8 ආසන්න මොහොතක වෘෂභ රාශිය උදාවෙමින් සෙනසුරුගේ නැකතක් ද යෙදෙමින් 8 වැන්නේ කුජ ග්‍රහයා මාස ලග්නාධිපති සිකුරුට සෙනසුරුගේ දෘෂ්ටියක් ද දෙමින් අලුත් අවුරුද්ද උදා විය. අප්‍රේල් 21 වැනිදා කුජ ග්‍රහයා මාස 7ක බලවත්ව දීර්ඝ කාලයක් ගත කිරීම එකල පැවති ග්‍රහචාරයයි. එසේම 2018 අප්‍රේල් 14 උදේ 8ට ආසන්න මොහොතක වෘෂභ ලග්නය උදාව සෙනසුරුගේ නැකතක් ද උදා වෙමින් ලග්නාධිපති සිකුරුට සෙනසුරුගෙන් දෘෂ්ටියක් ද දෙමින් කුජ ග්‍රහයා අවසන් අංශකවල 8 වැන්නේ ගමන් කරයි. මැයි 5 වැනිදා කුජ ග්‍රහයා මකර රාශියේ බලවත්ව මාස 7ක කාලයක් ගත කරයි. මෙම තත්ත්වය අනුව 1971 අප්‍රේල් හා 2018 අප්‍රේල් අතර ඇත්තේ ඉතාම කිට්ටු සම්බන්ධයක් බව කිව යුතුය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්‍රයේ බලවත් සිකුරු ග්‍රහයා ගුරු ග්‍රහයා විසින් උත්තතේජනය කරමින් සිකුරුගේ අන්තර් දශාව ගත කිරීම තුළින් එතුමා මේ අවස්ථාවේ ජනතා ආකර්ෂණය ලබමින් සිටින අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාහු අන්තරය තුළ රාහු ග්‍රහයා 10 වැන්න වන රාජ්‍ය බලය ගැන නිවේදනය කරන භාවයේ සැරිසැරීම නිසා එතුමා රාජ්‍ය බලය රුකගැනීම අරඹයා ක්‍රියාත්මක වන්නට වෙරදරන කාලයක් බව පෙන්වයි. ජනාධිපති ජනතාවගේ අභිලාශයන් කෙරේ අවධානය යොමුකොට නිවැරදිව ක්‍රියාත්මක වන්නට කටයුතු කරනවානම් ඇතිවිය හැකි භයානක තත්ත්වය මඟහරවා ගැනීමට හැකිවනු ඇත. එවිට එතුමාගේ බලය ද වර්ධනය වනවාට කිසිඳු සැකයක් නොවන බව පෙන්වා දිය හැකිය.