2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

HIT TIPS

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

ආර්කේඩ් එකේ “ස්කොට්” රස

දෙවැනි වතාවටත් සංවිධානය කෙරෙන A Taste of Scotland වැඩසටහන පෙබරවාරි 28 වැනිදා සවස ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් චතුරස්‍රයේ පිහිටි අසයිලම් අවන්හලේ දී පැවැත්වෙනවා. ස්කොට්ලන්තය කියන්නේ කොහොමත් බීම වර්ගවලට ජනප්‍රිය රටක් නේ. ඉතින් ස්කොට්ලන්තයට ආවේණික මධුවිත වර්ග රස බලන්නත්, ඒවා මිලදී ගන්නත් විශේෂ පන්තියේ වර්ග ඇණවුම් කරන්නත් මෙතැනදී අවස්ථාව ලැබෙනවා.

ගල්කිස්ස වෙරළට එන්න.. දුවන්න

ඉර බැස යන යාමයේ මුහුදු වෙරළේ තරගෙට දුවන්න කැමැතිද? කැමැති නම් ඊට කදිම අවස්ථාවක් මාර්තු පළමුවෙනිදා උදාවෙනවා. එදින සවස 5.15ට ගල්කිස්ස වෙරළ තීරයේ දී Holiday Beach Run 2018 නමින් පැවැත්වෙන මේ වැඩසටහනේ දී කිලෝමීටර 3 - 5 ක් අතර දුර ප්‍රමාණයක් දිව යාමට නියමිතයි.