2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

අත් බෙහෙත්

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 535

සීනි බස්සන රාබු

1.  නිරෝගිමත් ජීවිතයකට අත්බෙහෙත්

 කරපිංචා

රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය කරයි. සර්ප විසටද කරපිංචා ගුණදායක වේ.

 ආඩතෝඩා

සෙම් රෝග සඳහා යොදාගැනේ.

 කෝමාරිකා

සමේ ඇතිවන පිළිස්සුම් සඳහා කෝමාරිකා ඉතා ගුණදායක ඔසුවකි.

 තිප්පිලි

සෙම්ගෙඩි ඉතා ඉක්මනින් සුවකරගැනීමට උපකාරී වේ.

 නිදිකුම්බා

සමේ රෝග බොහොමයක් සඳහා ඉතා ප්‍රයෝජනවත් ඔසුවකි. 

 නීරමුල්ලිය

මුත්‍රාශයේ ගල් සැදීම වළක්වයි. බොහෝ මුත්‍රාශය ආශ්‍රිත රෝග සඳහා යොදාගන්නා ඉතා ගුණදායක ඔසුවකි.

 රාබු 

රුධිරයේ සීනි පාලනය කරන දියවැඩියා රෝගීන්ට ගුණදායක ඖෂධයකි.

 අත් කහ

විෂබීජ නැසීමට මෙන්ම කුරැලෑ සමනයටත් ඉතා ප්‍රයෝජනවත් වූ ඔසුවකි.

 අත්තෝර

අළුහම්වලට ප්‍රයෝජනවත් වේ.

2.  ශරීරයේ බර අඩුකරගැනීමට

දිනපතා ආහාර ගැනීමෙන් පසුව සුදුලූනු හා ගොරකා තම්බාගත් වතුර අඬුකෝප්ප භාගයක් පානය කරන්න. එමගින් ආහාර දිරවීම වර්ධනය වී ශරීරයේ බර අඩු කරයි.

කරපිංචා කොළ කොටාගත් ඉස්ම කෝප්ප භාගයකට දෙහි ගෙඩි භාගයක යුෂ දමා උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද දමන්න.

3.  දෙතොල්වල අඳුරු පැහැය ඉවත් කිරීම

දෙහි යුෂ කෝප්පයක් හා සීනි තේ හැඳි එකක් ගන්න. දෙහි ගෙඩිය මිරිකා යුෂ ගෙන සීනි තේ හැන්දක් එක් කරන්න. හෙමින් සීනි කැට දියනොවන සේ මිශ්‍රකරගන්න. එම මිශ්‍රණය තොල්වල ගල්වන්න. ටික වේලාවක් සෙමින් අතුල්ලන්න. මෙයින් තොල්වල ඇති මැරුණු සෛල සෙමින් ගැලවී යයි. ටික වේලාවකින් උණු ජලයෙන් සෝදන්න. දින පහක් හයක් එකදිගට කිරීමෙන් දෙතොල්වල ස්වභාවික පැහැය ලබාගත හැක.

4.  හිසකෙස් වර්ධනය කරගැනීමට

කරපිංචා කොළ කෝප්ප භාගයක් සහ වතුර කෝප්පයක් ළංකරගන්න. කරපිංචා කෝප්ප භාගය විනාඩි තුනක් මඳගින්නේ රත්කරගන්න. වතුර ටික හොඳින් කොළ පාට වනතුරැ මඳගින්නේ රත්කරන්න. නිවෙන්නට තබා පෙරාගන්න. එම ජලය හිසේ ආලේප කර විනාඩි පහක් දහයක් පමණ සම්බාහනය කරන්න. මෙය අඩුම තරමේ සතියකට වරක්වත් කරන්න. මෙයින් හිසකෙස් වර්ධනය වේ.