2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

Off the Hook අලුත් රස රැසකින් : චිලි සෝස් හා පොකීරිස්සෝ ක්‍රීම් චීස් එක්ක කකුළුවෝ

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

කොළඹ පාක් රෝඩ් එකේ පිහිටා තිබෙන Off the Hook අවන්හලේ මෙනුපත බීෆ් සහ චිකන් රස රැසක් සමඟින් අලුත් වෙලා කියලා ආරංචියක් ලැබුණා. ඉතින් එතැනට ගොඩවුණේ අලුත් රසය කොයි වගේද කියලා අත්විඳින්න හිතාගෙනයි.  මෙතැන පිළිගන්වන ඕස්ට්‍රේලියන් බීෆ්, පොකිරිස්සන්, කකුළුවන්, ජම්බෝ ඉස්සන් ආදී ආහාර ග්‍රෑම් 100ක මිලට තමයි ලබාගන්නේ. ඊට අමතරව ඉස්සන්, බැදපු මාළු පෙති, බීෆ් ආදිය රෙගියුලර් සහ ලාර්ජ් විදිහට පිළිගැන්වෙනවා. 

මීට අමතරව විවිධ මද්‍යසාර සහ වයින් වර්ගත් මෙතැනදී ලබාගන්න පුළුවන්. බටහිර පන්නයේ ආහාර හැරුණම ශ්‍රී ලාංකික ආහාරත් සෑම බදාදා දිනකම රාත්‍රියේ දී පිළිගැන්වෙනවා.

අපි මුලින්ම බීෆ් අඩංගු ආහාර දීසි දෙකක් රස බැලුවා. ඉන් පළමුවැන්න වුණේ Beef Rendang Curry කියන එකයි. ඉස්සන් පේස්ට් එකක් සමඟ සුදු බත් සහ පිපිඤ්ඤා සලාදයක් සමඟ බීෆ් ඊට ඇතුළත් වුණා. බීෆ් බැදුම් විදිහට නම් කරලා තිබුණු ආහාර දීසියේ පෑන් එකේ බදින ලද ඕස්ට්‍රේලියන් බීෆ්, බැදපු ලූනු, මිරිස්, කරපිංචා දකින්න ලැබුණා. ඒ දීසියට කකුළුවන්, කලමාරි, ඉස්සන් හෝ චිකන් වැනි තෝරාගැනීමක් කරන්නත් පුළුවන්.

මෙතැනට ඔබ පැමිණියොත් රසවිඳිය යුතුම ආහාර වර්ග ලෙස Lobster Spring Rolls with Hot Chilli Dip සහ Crab Rangoon’s හඳුන්වන්න පුළුවන්. ඉන් පළමුවැන්න පොකිරිස්සන් සහ චිලි සෝස් සමඟ පිළියෙළ කර තිබූ ඉතාම රසවත් ආහාරයක්. කකුළුවන් සහ ක්‍රීම් චීස් යොදාගෙන හදලා තිබුණු දෙවැනි දීසියත් ඒ තරම් රසවත්.

මීට අමතරව කටගැස්මක් විදිහට භාවිතා කළ හැකි රසවත් ආහාර දීසි රැසක්ම මෙතැන තිබෙනවා. Creamy Shitake Mushroom and Prawn Korokke සහ Mussels in Homemade Thai Sauce ඒ අතරින් සුවිශේෂීයි.

ඒ වගේම Crazy Roll නමින් හඳුන්වන ජපන් ආහාර දීසියටත් Off the Hook අවන්හල ගොඩක් ප්‍රසිද්ධයි. ඉස්සන්, ඇපල්, බෙල්පෙපර්, ටොබිකෝ, ෂැවියර් වගේ ගොඩක් ජාති එකතුවෙලා හැදෙන මේ රෝල් එක එක ගොඩක් රසවත් වගේම දැකුම්කළුයි. 

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00