සේර ආහාර රස ගැන්වීම සඳහා යොදා ගන්නා ඉතා සුවඳවත් පැලෑටියකි. බොහෝ විට මෙය ආසියාතික රටවල වගා කෙරේ. මස් මාළු පිසිද්දී එය රසවත් කිරීමටත් සුවඳවත් කිරීමටත් සේර යොදා ගැනේ.
ආයුර්වේදයට අනුව සේරවල රස සහ තිත්ත රසයක් පවතී. මෙයින් ශරීරයේ දහඩිය ඇති කෙරේ. වලිප්පුව වැනි රෝග ඇතිවීම වළක්වයි. ආර්තවය ඇති කරයි.
පණු රෝග නසන අතර ඉදිමුම තත්ත්වය අඩුකරයි. ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත විවිධ වේදනා අජීර්ණ, බඩ පුරවා දැමීමට සේර ඉතා ගුණදායක ඖෂධයකි. ශරීර ශක්තිය ඇති කෙරේ. පීනස සහ ඉදිමුමට ගුණදායක වේ.
මස් මාළු වැනි ව්‍යංජනයන්ට සේර එක්කිරීමෙන් ආහාර දිරවීම පහසු කරයි. ආහාර උගුරට ඒම වළකයි. ආහාර රැචිය ඇති කිරීමේ ගුණයත් සේරවල පවතී. කෑම නරක් නොවී තබා ගැනීමට සේරවල ඇති සුවඳ ඉවහල් වේ.
ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර