දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලොස්ටරෝල් වැනි බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම වැඩිවන තත්ත්වයක් පවතී. මෙවැනි රෝග සඳහා බොහෝ විට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ගැනීමට සිදුවේ. මේ නිසා එවැනි රෝග ඇති රෝගීන් ඒවා පාලනය කිරීමටත්, එවැනි රෝග නැති නිරෝගී පුද්ගලයෝ එම රෝග ඇතිවීම වළක්වා ගැනීමට බොහෝ උපක්‍රම මෙන්ම පිළිවෙත් අනුගමනය කරති.
මෙවැනි බෝනොවන රෝග බොහෝමයකටම ඉතා ගුණවත් පළතුරක් ලෙස බෙරි වර්ග හැඳින්විය හැක. ඒවා අතර බ්ලැක් බෙරි, බ්ලූ බෙරි, ස්ට්‍රෝබරි, රාස්බෙරි වැනි බෙරි වර්ග මෙයින් ප්‍රධාන තැන් ගනී. මෙම බෙරි වර්ග සියල්ලෙහිම ගුණ එකසමාන වුවද බෙරි වර්ගවල ගුණය සහ වර්ණය අනුවත් අඩංගු පෝෂණ සංඝටක අනුවත් සුළු සුළු වෙනස්කම් දැකිය හැක.
මෙම බෙරි වර්ගවල ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් අඩංගු වේ. එමෙන්ම සැලකිය යුතු ප්‍රමාණයකින් කෙදි ද අන්තර්ගතවේ. බෙරි වර්ගවල විටමින් සී, දොඩම්වලට වඩා අඩංගුව පවතී. එමෙන්ම මැන්ගනීස්, විටමින් කේ., යකඩ, සෙලනියම්, ඛණිජ ලවණ අඩංගු වේ. මෙහි ඇති විශේෂ ප්‍රතිඔක්සිකාරක වන්නේ ඇන්ටොසයනිනස් (Anthocyanins) ඇලජික් ඇසිඩ් (Elegiac Acid), රෙස්වරුටීස් (Resveratist)ය. ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වන්නේ බ්ලූ බෙරි සහ රාස්බෙරිවලය.
මේ මඟින් විශේෂයෙන්ම පෙනහලු, මහ බඩවැල්, අක්මාව, අන්නස්‍රෝතයේ වැනි ස්ථානවල පිළිකා තත්ත්වයක් ඇතිවීම වළක්වා ගතහැක.
එමෙන්ම ඇල්ෂයිමර් රෝගීන්ට ද ප්‍රතිඔක්සිකාරක ඉතාම ගුණදායක වේ. ස්නායු පද්ධතියේ රෝගාබාධ සහ රුධිරවාහිනිවල ආරක්ෂාවටද වැදගත්ය.
පියයුරු රුධිර ආශ්‍රිත පිළිකාවලට ද සිරුරේ ප්‍රදාහ තත්ත්ව දුරැකිරීමටද මෙම බෙරිවර්ග වැදගත් මෙහෙයක් ඉටුකරයි. මෙම බෙරිවල අඩංගු සියලුම පෝෂ්‍ය සංඝටක සැලකූ කල රැධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමටත් නිරෝගි පුද්ගලයකුට දියවැඩියා රෝගය ඇතිවීම වැළැක්වීමටත් එමෙන්ම ඉන්සියුලින් සඳහා සංවේදීතාවය වැඩි කිරීමටත් ක්‍රියා කරයි. මෙය රෝගීන්ට මෙන්ම නිරෝගී පුද්ගලයන්ටත් ඉතා ගුණදායක වේ.
ජලයේ දියවන කෙඳි සැලකීමේ යුතු ප්‍රමාණයක් අන්තර්ගතවීමෙන් බඩගින්න අඩු කරයි. අධික තරබාරැවට ගුණදායක වේ. කොලොස්ටරෝල් මට්ටම පාලනය කරන බැවින් බ්ලූබෙරි, රාස්බෙරි, බ්ලැක්බෙරි ඉතා ගුණදායක වේ. සමට තරැණ පෙනුමක් ලබාදෙයි. මෙය අධික රැධිර පීඩන රෝගීන්ට ඉතා ගුණදායක වේ. ආර්තවහරණය වූ කාන්තාවන්ටද ඉතා ගුණදායක වූ බෙරි වර්ග අස්ථි ඝනත්වය ඇතිකර ඔස්ටියෝපොරෝසීස් තත්ත්වය වළකාලයි.
විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරැණෑගල ආයුර්වේද රෝහල