2018 මාර්තු 24 වන සෙනසුරාදා

HIT TIPS

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

කොළඹ සී.ආර්. පිටියේ ඉන්දීය සංගීතේ

ඉන්දීය සිනමාවට වසර සීයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොළඹ CR and FC ක්‍රීඩා පිටියේදී විශේෂ සංගීත සන්ධ්‍යාවක් පැවැත්වෙනවා. සිද් ශ්‍රීරාම්, ඇන්ඩ්‍රියා ජෙරමි, අභේ බෝද්පුකාර්, නිකිතා ගාන්ධි ඇතුළු ඉන්දීය ගායක ගායිකාවන් පිරිසක් තම ගායනා ඉදිරිපත් කරන මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ මාර්තු 30 වැනිදා සවස්වරුවේදීයි. 

මැරීන් ඩ්‍රයිව් සී ෆුඩ් මාර්කට් එයි

කොළඹ මැරීන් ඩ්‍රයිව්හි පිහිටා තිබෙන Global Towers හෝටලයේදී විශේෂ මුහුදු ආහාර වැඩසටහනක් පැවැත්වෙනවා. මාර්තු 27 සහ 28 දවස් දෙක පුරා පැවැත්වෙන මේ වැඩසටහන නම්කරලා තියෙන්නේ Chillax Seafood Market නමිනුයි. සී ෆුඩ් වගේම  DJ සංගීතය සහ විවිධ පාන වර්ගත් මේ වැඩසටහනට ඇතුළත්.