2018 මාර්තු 24 වන සෙනසුරාදා

වේල්ල වීදියේ නයිට් කඩ ලාබයි-රසයි-හරිම සුවඳයි

2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00150

ගොඩ කාලෙකින් වීථි ආහාරවල රහ බලන්න අපිට බැරිවුණා. ඉතින් මගේ යාළුවෙක් කරපු යෝජනාවක් අනුව මම ගියා වේල්ල වීදියේ නයිට් කඩ දිහාවට. එතැන තිබුණේ හරිම කාර්යබහුල පෙනුමක්. හැබැයි එක එක කෑම ජාති බැදෙන සුවඳින් මගේ නාස්පුඬු පිරිලයි තිබුණේ. 

මෙතැන කෑමබීම ගොඩක් මිලෙන් අඩුයි. හොඳ රසවත් බර්ගර් එකක් වගේම ෂවර්මා එකක් රුපියල් දෙසීයකට විතර ගන්න පුළුවන්.

මම මුලින්ම ගියේ Osman tea room කියන කඩේටයි. එතැන හොඳට රෝස්ට් කරපු කුකුළු මස් තිබුණා. ඒ කඩේට ගිය එක ගැන සතුටු හිතෙන මට්ටමේ රසවත් විදිහට එයාලගේ කුකුළු මස් හොඳ පදමට තිබුණා.

මම බර්ගර් රස බැලුවේ FB bun corner කියන කඩේදියි. ෆේස්බුක් ලෝලී බව හින්දම තමයි එයාලා ඒ විදිහේ නමක් කඩේට දාලා තියෙන්නේ. රුපියල් 140ට සහ 200ට බර්ගර් තිබුණත් ඒවා මැලේ වීදියේ බර්ගර් තරම්ම රස නැහැ. 

වේල්ල වීදියේ නයිට් කඩ පේළියේ මගේ සංචාරය ඉවර කළේ රසවත් නාරං ජූස් එකකිනුයි. මෙතැන වැඩියෙන්ම කාර්යබහුල වෙන සෙනසුරාදා දවසේදී රස ගාණට ගම්මිරිස් සහ ලුණු දාලා හදන මේ නාරං ජූස් එක බොන්න මිනිස්සු පොරකනවා කියලත් මට දැනගන්න ලැබුණා. 

♦ ධනූ 
   ඡායාරූප  - you’re my favorite