2018 මාර්තු 31 වන සෙනසුරාදා

HIT TIPS

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

ෂැංග්‍රිලා පාස්කු සාදය

පාස්කු නිවාඩුවත් එක්ක පුංචි ළමයි වෙනුවෙන් විශේෂ පාස්කු සාදයක් පවත්වන්න කොළඹ ෂැංග්‍රිලා හෝටලය සූදානමින් ඉන්නවා. අප්‍රේල් 1 වැනිදා හවස්වරුවේදී හෝටලයේ පැවැත්වෙන මේ සාදයේදී පොඩිත්තන්ට විනෝද තරග, මිනි බුෆේ එකක් වගේ ගොඩක් දේවල් අත්විඳින්න පුළුවන්. පොඩ්ඩන් එක්ක එන වැඩිහිටියන්ටත් විනෝද වීමේ අවස්ථාවන් පවතිනවා. 

හිල්ටන් අවුරුදු පොළ

කොළඹ හිල්ටන් හෝටලය සංවිධානය කරන අවුරුදුපොළත් අප්‍රේල් අටවැනිදා උදෑසන සිට හවස් වනතුරු හෝටලයේ The Blue අවන්හලේදී පැවැත්වෙනවා. විවිධ රස කැවිලි, මැටි භාණ්ඩ, වේවැල් භාණ්ඩ, සාම්ප්‍රදායික රෙදිපිළි, බතික් ආදී බොහෝ දේවල් මේ පොළේදී මිලදී ගන්න හැකිවේවි. 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00