අපි ගල්කිස්ස මුහුදු තීරයට එක්වුණේ ලංකාව පුරා හදිසි නීතිය ක්‍රියාත්මක වෙලා තියෙන මොහොතකයි. නමුත් එදා වෙරළේදී විවිධ වර්ණ ඒ මේ අත විහිද ගියේ භාෂාව, වර්ග භේදය වගේ අපේ රට ඇතුළෙ තියෙන වෙනස් තැන් අපි හැමෝටම අමතක කරමිනුයි.
ගල්කිස්සේදී අපි සමරපු හෝලි උත්සවය ඉන්දියාවේ තියෙන සංස්කෘතික උත්සවයක්. වසන්ත කාලයේ අස්වැන්න නෙලාගැනීමත් එක්ක තමා ඉන්දියාවේ මේ උත්සවය පැවැත්වෙන්නෙ. ගල්කිස්ස මහ හෝටලයට අයිති මුහුදු තීරයේදී මේ වර්ණ ප්‍රහාරවලින් බේරුණු කෙනෙක්නම් නැහැ.
ඔබ එතැනට ඇතුළු වෙනවාත් සමඟම තමයි ඔබට විවිධ පාටවලින් ප්‍රහාර එල්ලවෙන්න ගන්නෙ. ටික වෙලාවක් යද්දි මගේත් මුළු ඇඟම එක එක පාටින් නෑවිලයි තිබුණෙ.
එතැන තිබුණු ෂාරුක් ඛාන්ගේ ගීත ඇතුළත් සංගීතය නිසාත් කට්ටියට හොඳට නටන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ගල්කිස්ස හෝටලයේ රසවත් නාන්, පනීර්, චිකන් ටික්කා මසාලා ආහාරයෙනුත් අන්තිමේදී දවස තවත් වර්ණවත් වුණා කිව්වොත් හරියටම හරි.
♦ ධනූ
ඡායාරූප- Your’e my favorite