ගාලු කොටුව ඇතුළේ තියෙන අපූරු අවන්හලක් වෙතයි අපි මෙවර ගමන් කළේ. 56 by Deco කියන හෝටලය පිහිටා තිබෙන්නේ ගාලු කොටුව ඇතුළතයි. මෙහි ඇති The Wrap Factory කියන අවන්හලට තමයි අපේ අවධානය යොමුවුණේ.
මෙතැන ආහාරවල විශේෂත්වය තමයි බොහෝ විට Wrap කරපු එහෙමත් නැත්නම් Fillers (පිරවුම්) විදිහට ආහාර පිළිගන්වා තිබීම. ඒ අතරින් Tandoori Chicken Wrap සහ Seafood Marinara Wrap කියන්නේ ගොඩක් හොඳ තේරීම් දෙකක්. මෘදුව හැපෙන මස් මාළු සහ සෝස් මේවායේ අඩංගුයි.
ඒ වගේම නිර්මාංශ ආහාර ප්‍රිය කරන අය වෙනුවෙනුත් මෙතැන තෝරාගැනීම් කිහිපයකට ඉඩ තිබෙනවා. Polos Cutlet Wrap ඒ වගේ ආහාරයක්. මේ විතරක් නෙමෙයි. ජපන් ක්‍රමයට සකසපු ආහාර වර්ගත් මෙතැනදී දැකබලාගන්න පුළුවන්. ටකොයාකි නමින් හැඳින්වෙන බෝල හැඩයෙන් යුතු මේ ආහාරයේ ක්‍රීම් ආකාරයට සකස් කරපු ලීක්ස්, අර්තාපල් පිරවුමක් සහ ජපන් මයෝනීස් යහමින් අඩංගුයි.
මෙතැන පරිසරය ගැන සලකා බැලුවොත්, හොඳින් ඉඩකඩ තියෙන තැනක් විදිහට හැඳින්විය හැකියි. විශේෂයෙන්ම පවුලේ සියලුදෙනා එක්ව ආහාරවේලක් රස විඳින්න වගේම ප්‍රේමවන්තයන්ට තරුණ යුවළකට නිදහසේ ආහාර ලබාගන්නත් මෙතැන සුදුසුයි.
- නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත