වර්තමානය වනවිට අප රටේ බෝනොවන ගණයට වැටෙන රෝගවලට ලක්ව ඒ සඳහා නිවැරදි ප්‍රතිකාර ලබාගන්නා පිරිස මෙන්ම නොදැනුවත්කම හේතුවෙන් වෙනත් සංකූලතාවයන්ට ලක්වන පිරිසද එන්න එන්නම වැඩිවෙමින් පවතී.
එසේම විවිධ හෝමෝන අසමතුලිතතා මෙන්ම පෝෂණ ඌණතා හේතුවෙන් ද බොහෝ ගැටලුවලට මුහුණ පෑමට සිදුවීම බහුලව දක්නට ලැබේ.
මේ තත්ත්වය හේතුවෙන් අප නිතර දකින්නට නොලැබුණ බොහෝ සෞඛ්‍ය ගැටලු මතුවීමේ අවදානමක් පවතී. කැල්සියම් ඌණතාවයද එලෙස හිස ඔසවන තත්ත්වයක් බවට පත්ව තිබේ.
අප කවුරුත් දන්නා පරිදි අප ශරීරයේ අස්ථි වර්ධනයට හා ඒවායේ ශක්තිමත්භාවය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය සංඝටකයක් ලෙස කැල්සියම් හඳුන්වා දියහැක. අස්ථි පමණක් නොව දත්වල ශක්තිමත් භාවයට හා නිරෝගී භාවයට ද වැදගත් වෙයි.
මීට අමතරව කැල්සියම් විසින් ශරීරයේ සිදුකරන අනෙකුත් ක්‍රියාකාරීත්වයන් ලෙස,
• ශරීරයේ මාංශ පේෂී ක්‍රියාකාරීත්වය සඳහා
• හෘදය වස්තුවේ මස් පිඬුවල ඇති සියුම් ලේ නහර සංකෝචනය සඳහා
• එන්සයිමවල ක්‍රියාකාරීත්වය සඳහා
• රුධිරය කැටිගැසීම සඳහා
• තයිරොයිඩ් හෝමෝන පානය සඳහා
මෙවැනි ආකාරයට ඉතා වැදගත් කාර්යයක් රැසකට කැල්සියම් උපකාරී වේ.
සාමාන්‍යයෙන් දිනකට වැඩිහිටියකුට අවශ්‍යවන කැල්සියම් ප්‍රමාණය 1000mg පමණ වන අතර ගරිභනී මවකට ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.
අප අවශ්‍ය පරිදි ආහාර ලබා ගත්තද ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු හෝමෝනමය අසමතුලිතතා, විශේෂයෙන් තයිරොයිඩ් හෝමෝනයේ අසමතුලිතතා හේතුවෙන් කැල්සියම් ඌණනතාවය මතුවිය හැකියි.
එසේම වකුගඩුවල පවතින රෝග තත්ත්ව නිසාද කැල්සියම් ඌණතා හටගනී. ඇතැම් පුද්ගලයන්ට උපතින්ම ඇතිවන රෝග නිසාද කැල්සියම් නිපදවීම අඩුවන අවස්ථා ඇත. විශේෂයෙන් කාන්තාවන්ට ආර්ථවහරණයේ දී ඇතිවන හෝමෝන වෙනස්වීම නිසාද කැල්සියම් ඌණතා ඇතිවෙයි.
අප ගන්නා සමහර ඖෂධ මෙන්ම විටමින් හේතුවෙන්ද කැල්සියම් අවශෝණය අඩුවේ.
කැල්සියම් ඌණතාවය හේතුවෙන්,
• ස්නායු ක්‍රියාකාරීත්වයේ දුර්වලතා මතුවීම.
• මස්පිඩු ක්‍රියාකාරීත්වයේ දුර්වලතා හා නිතර මස්පිඬු පෙරළීමට ලක්වීම.
• විශාල ලෙස කැල්සියම් ඌණතා ඇතිවීමෙන් හෘදය ක්‍රියාකාරීත්වයේ දුර්වලතා සහ ස්නායු ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් සිහිකල්පනාව මඳවීමද සිදුවිය හැකියි.
• කුඩා දරුවන්ට වර්ධනයේ ගැටලු මතුවෙයි. විශේෂයෙන් කැල්සියම් හා විටමින් ඩී. ඌනතාවයෙන් “රිකට්සි* රෝගය ඇතිවෙයි.
• අත්, යටිපතුල්, මුහුණේ හිරිවැටීමක් ඇතිවෙයි.
• නියපොතු ශක්තිමත් බව නැතිවීම හා ඉක්මනින් කැඩීයාම.
• අස්ථිවල ශක්තිමත් බව අඩුවීමෙන් ඉක්මනින් අස්ථි බිඳීයාමට ලක්වීම.
කැල්සියම් ඌණතාවයක් ඇතිවීම හා ඊට සම්බන්ධ සෞඛ්‍ය ගැටලු මතුවීම දිනකින් දෙකකින් සිදුවන ක්‍රියාවලියක් නොව දීර්ඝකාලයක් තිස්සේ ඉහත විස්තර කරනු ලැබූ ගැටලුවකට මුහුණ පෑම හෝ පෝෂණ ඌණතාවයන්ගෙන් පෙළීම හේතුවෙන් මෙය සිදුවේ.
එබැවින් විසඳුම් ලබාදීමේදී කල්නොගෙන ඒ පිළිබඳව සැලකිලිමත් වියයුතුය. අදාළ ක්‍රියාමාර්ග ගත යුතුය.
සමබල ආහාර වේලක් ලබාගැනීම අනිවාර්යයවේ. එහිදී අප ගනු ලබන කිරි, බිත්තර, මාළු, චීස්, බටර්, කිරි ආශ්‍රිත නිෂ්පාදිත ආහාර, පොඩි මාළු වර්ග මගින් අවශ්‍ය කැල්සියම් ලබාගත හැකිය. එමෙන්ම දිවුල්, ඇඹරැල්ලා, වැනි දේශීය පළතුරුවල කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ.
මෙසේ ලබාගන්නා කැල්සියම් අවශෝෂණය සඳහා විටමින් “ඩී” අවශ්‍ය වන අතර කිරි, බිත්තර, චීස්, බටර්, ආදියේ විටමින් ඩී අන්තර්ගත වන අතර හිරැඑළිය මගින් ද විටමින් ඩී ලැබේ.
විශේෂයෙන් ගර්භනී හා කිරිදෙන මව්වරුන්, කුඩා දරුවන්, මැදිවයසේ කාන්තාවන් කැලිසියම් අඩංගු ආහාර එක්කර ගැනීම් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
එමෙන්ම රෝග අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකළ යුතු අතර ආහාර අතිරේක ලෙස කැල්සියම් ලබා ගැනීමට ද සිදුවන අවස්ථා ඇත.