සිංහල හින්දු අලුත් අවුරුද්ද ළංවෙද්දී ගෘහණිය වඩවඩාත් කාර්යබහුල වේ. වර්තමානයේදී කාර්යබහුල ජීවිතයත් සමඟ නිරෝගී ජීවිතයක් වෙනුවෙන් වැය කරන කාලය අඩුවෙමින් පවතී. වර්තමානයේදී කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාම කෘත්‍රිම ආහාර රටාවන්වලට හුරුවී සිටිති. කෘත්‍රිම ආහාර බෝනොවන රෝග ඇති කිරීම සඳහා ප්‍රධාන අත්වැලක් සපයයි.
කෘත්‍රිම ආහාර ලෙසින් හඳුන්වන්නේ ආහාර රස ගන්වන නොයෙකුත් රස කාරක, ආහාර වර්ණ කිරීම සඳහා යොදන කෘතිම වර්ණ කාරක, ආහාර කල් තබා ගැනීම සඳහා යොදන විවිධ රසායන ද්‍රව්‍ය ඇතුළත් තෙල්, පිටි, සීනි, ලුණු අධික ලෙස අන්තර්ගත, සම්පූර්ණයෙන්, සීඝ්‍රයෙන්, අර්ධ ලෙස පිසූ ආහාර වේ. මෙවැනි ආහාර සෑම කෙනකුටම සිරුරේ සෑම අවයවයක් කෙරෙහිම අහිතකර බලපෑම් ඇති කරයි. මෙවැනි ආහාර කාලයක් තිස්සේම ගැනීමෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, හදවත් රෝග, පිළිකා වැනි රෝග සඳහා බලපෑම් ඇති කරයි.
අවුරුද්දට නෑගම් යද්දී, හිතවතුන්ගේ නිවාසවලට යද්දී කෘත්‍රිම ආහාර, පාන රැගෙන යාමෙන් වැළකීම අවශ්‍යය. ඔබ ගෘහණියක් ලෙසින් පවුලේ ආහාර, පාන පිසීමේදී හැකිතාක් තෙල්, පිටි, සීනි අඩු ආහාර පවුලට එකතු කරන්න පුරුදු වෙන්න. හැකි සෑම විටම නිවුඩු සහිත දිග ඇට සහිත සහල්, පළතුරු, එළවළු ආහාරයට එක්කර ගන්න පුරුදු වෙන්න.
ආහාර පිසීමේදී එළවළු, පලා වර්ග හොඳින් සෝදා අඩු උෂ්ණත්වයකින් පිස ගැනීමෙන් එහි ගුණාත්මකභාවය සිරුරට ලබාගත හැකිය. සියලුම එළවළු සහ පළතුරුවල රෝග වළක්වන මෙන්ම සෑදුණු රෝගවලට ප්‍රතිකාර ලබාදිය හැකි ගුණයක් පවතී. විශේෂයෙන් පිළිකා වැනි භයානක රෝග වළක්වන ප්‍රතිඔක්සිකාරක බෙහෙවින් අන්තර්ගත වේ. එම නිසා සෑමවිටම ගුණයෙන් වැඩි එළවළු, පළතුරැ, පලා වර්ග, ධාන්‍ය වර්ග විවිධත්වයෙන් යුතුව විවිධ රසයෙන් යුක්තව සාදා පවුලට එක්කර ගන්නට උත්සාහ ගන්න.
කෘත්‍රිම ආහාර පිළිබඳව අවබෝධයක් ඔබගේ කුඩා දරුවන්ට වටහා දෙන්න. දරුවා කොයිතරම් කෘත්‍රිම ආහාරවලට රුචිකත්වයක් දැක්වූවත් ඒ සඳහා දරුවා හුරු නොකරන්න. නිවසේ ආහාර පිසීමේදී ඒ සඳහා නිවසේම සාදා ගත් කුළුබඩු එක්කර ගන්නට වගබලා ගන්න.
විශේෂයෙන් අලුත් අවුරුද්ද සඳහා කැවිලි පෙවිලි සෑදීමේදී ඔබගේ නිවසේම පිරිසිදු කර කොටා ගත් සහල් එක්කර කෑම පිසීමට වගබලා ගන්න. අඩු ගණනට වෙළඳපොළේ ඇති දේ වෙනුවට ප්‍රමිතියකින් යුතු දෑ එක්කර ගන්න ඔබ ප්‍රවේසම් වෙන්න.
සෑමවිටම පිරිපහදු නොකරන ලද ආහාර, සුදු සීනි, සුදු සහල් භාවිතය අවම කරන්න.
එමෙන්ම ආහාර පිසීමේදී ඇලුමිනියම්, පොලිතින්, ස්ටේන්ලස්ස්ටීල් වැනි බඳුන්වල ආහාර පිසීම හැකිතාක් දුරට නතර කරන්න. විශේෂයෙන් ඒ සඳහා මැටි බඳුන් එක්කර ගන්න.
සිංහල අලුත් අවුරුදු කාලයේදී බොහෝ දෙනා රූපයට දක්වන්නේ වැඩි නැඹුරුවක්. මේ කාලයේදී රූපලාවණ්‍ය කටයුතුවලදී හැකි සෑම විටකම ස්වභාවික දේවල් භාවිතා කරන්නට පුරුදු වෙන්න. වෛද්‍ය උපදෙස්වලින් තොරව විටමින් වර්ග, ඖෂධ හා වෙනත් ආහාර නොගත යුතුය. ආහාර ලබාගන්නා විට නියමිත වේලාවන්හිදී ආහාර ලබාගන්නට පුරැදු වෙන්න. කොයිතරම් නම් කාර්යබහුල වුවද ආහාර ගැනීමේදී ඒ සඳහා යම් කාලයක් කැප කරන්න. ආහාර ගන්නාවිට දුරකථනය ඔබමින්, රූපවාහිනිය, පුවත්පත් නරඹමින් ආහාර ගැනීමෙන් වළකින්න. නියමිත වේලාවට හොඳ සිහියෙන් ආහාර ගන්න. වර්තමානයේ ද බොහෝ දෙනා උදේ ආහාර ගන්නේ බොහෝවිට වාහනයේ යන අතරතුරේදීය. නමුත් එය එතරම් ඔබේ සිරුරට හිතකර නැත. මේ නිසා ආහාර ගන්නා කාලය තුළදී එය නිදහස් කිරීමට වගබලා ගන්න.
ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර