ඔබේ විලුඹට කිසිදු හානියක් නොවී විලුඹ සන්ධිය (Ankle Joint) ආශ්‍රිතව යම් වේදනාවක් ඇති වී ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උදෑසනම අවදි වූ විගස අඩිය බිම තැබීමට නොහැකි ලෙස අධික වේදනාවක් දැනීමයි. බොහෝ විට එය යටිපතුලේ අභ්‍යන්තරයට ඉදිකටුවකින් අනින්නාක් සේ රෝගියාට දැනේ. බොහෝ විට මෙවැනි රෝගීන් උදෑසන අවදිව මුල් අඩි කිහිපය ඇවිදගෙන යන්නේ ඇදේ විට්ටම හෝ බිත්තිය අල්ලාගෙනය. නැතිනම් වෙනත් ආධාරයක් උදව්වෙන්.
ටික වේලාවකින් එම වේදනාව පහව ගියද මෙය තාවකාලිකව යටපත් වීමකි. මෙම රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාර නොකිරීමෙන් මෙම විලුඹ ප්‍රදේශයේ වේදනාව ක්‍රමයෙන් පාදයේ ඉහළම ප්‍රදේශය කරා ව්‍යාප්ත වේ. විශේෂයෙන් මෙම රෝගී තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දෙන්නේ මැදිවියේ කාන්තාවන්ය. ගෙදර දොරේ වැඩකටයුතුත් එක්ක බොහෝ කාන්තාවන් ඒ පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලකි.
මෙවැනි රෝග අවස්ථාවලදී විලුඹ පමණක් නොව ඉන් අනතුරැව පාදයේ ඉහළ කොටස පුරාද රෝගය ව්‍යාප්ත වන අතර දියවැඩියාව, වකුගඩු ආශ්‍රිත රෝග, අක්මාවේ රෝග ඇතිවිටද මෙම රෝග තත්ත්වයක් ඇති වියහැක. අවශ්‍ය පරිදි ජලය ශරීරයට නොලැබීමෙන් ද මෙම පාද රෝග ඇති විය හැක. එමෙන්ම වර්තමානයේ දී බොහෝ කාන්තාවන් අඩි උස සපත්තු (High heels shoes) පැළදීමට පුරුදුව සිටිති. මෙමගින් විලුඹ ආශ්‍රිත ප්‍රදේශ අධිකව පීඩනයක් ඇතිවේ. මේ නිසාවෙන් ද පසුකාලීනව වේදනාව ඇතිවේ.
ආරක්ෂක අංශයේ සේවයේ යෙදී සිටින අයද මෙම රෝග තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දේ. එමෙන්ම තරබාරු අය මෙම රෝග තත්ත්වයට මුහුණ දෙති.
ඔබත් මෙවැනි රෝගයකට ගොදුරු වී සිටී නම් ඒ සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර ලබාගන්නා විශේෂයෙන් ආයුර්වේද තෙල් මඟින් කසාය මඟින් මෙන්ම ඖෂධ මඟින් මේ සඳහා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. එමෙන්ම නිතරම අඩි උස සපත්තු පැළඳීමෙන් වළකින්න. පෝෂ්‍යදායි ආහාර ලබාගන්න. වැඩිපුර ජලය පානය කරන්න. නිතරම සිටගෙන සිටීමෙන් වළකින්න. මෙවැනි සරල දේ මඟින් වේදනාකාරී තත්ත්වයෙන් ඔබට අත්මිදිය හැක.
අන්තර්ජාලය ඇසුරෙනි