මීට දශකයකට පෙර කාලයේදී මහනුවර වැව ආසන්නයේ තිබුණේ බොහොම සුළු හෝටල් සංඛ්‍යාවක් පමණයි. නමුත් දැන් තත්ත්වය ඊට වෙනස්. නුවර වැව රවුමට එකතු වුණු අලුත්ම හෝටලය තමයි ‘Citrus Cafe Inn’ හෝටලය.
කිරි මුහුද නමිනුත් හඳුන්වන නුවර වැව අසලම මේ හෝටලය පිහිටා තිබෙනවා. හරියටම කිව්වොත් කැන්ඩි සිටි සෙන්ටර් එකේ ඉඳන් මීටර හාරසීයක් දුරින්.
හෝටලයේ පහත මාලයේ පිහිටා තිබෙන ‘Citrus Cafe’ අවන්හල දේශීය ආහාර අමුත්තන්ට පිළිගන්වනවා. මෙහි කාමර 09ක් පිහිටා තිබෙනවා. මේ කාමර නමයෙන් කාමර හතරක්ම ෆැමිලි රූම්ස්. මේ හැම කාමරයකම king size ඇඳන්, පෞද්ගලික නාන කාමර, ටීවී ඇතුළු බොහෝ පහසුකම් ඒවායේ අඩංගුයි. හුදෙකලා බව, ඉඩකඩ සහිත බව, පෞද්ගලිකත්වය වගේ බොහෝ කාරණා දිහා බැලුවම මේ හෝටලය නුවර වැව් මායිමේ පිහිටා තිබෙන සුන්දරම නවාතැනක්.
‘Citrus Cafe Inn’ හෝටලය විශේෂයෙන්ම විදේශිකයන් අතර වඩාත් ජනප්‍රිය වී තිබෙනවා. මහනුවර නගරයේ හොඳම කොත්තු රස විඳිය හැකි ස්ථානය විදිහටත් මේ හෝටලය නම් දරා තිබෙනවා.
මූලික වශයෙන් දේශීය ආහාර පිළිගැන්වූවත් සාමාන්‍ය ගමේ ආහාර වේලේ සිට බටහිර, ආසියාතික, චීන ආදී කැමැති ආහාර රසවිඳීමේ හැකියාව මෙහිදී ලැබෙනවා. ඒ වගේම විශේෂ බාබකියු රාත්‍රීන් පවා සංවිධානය කෙරෙනවා.
මේ හෝටලය විවේකී බව, නිදහස පෙරටු කරගත් හෝටලයක් වුවත් කුරුල්ලන් නැරඹීම, ඇවිදීම වාගේ විවිධ ක්‍රියාකාරකම් සඳහාත් අවශ්‍ය පහසුකම් සලසනවා. ඒ සඳහා හන්තාන, උඩවත්ත කැලේ, උතුවන්කන්ද, සෙම්බුවත්ත, පේරාදෙණිය උද්භිද උද්‍යානය වගේ තැන්වලට සවාරිත් සූදානම් කර දෙනවා.
ඒ වගේම ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්කේ සහ බහිරවකන්ද වගේ ස්ථාන කරාත් මෙහි සිට පහසුවෙන් ළඟාවිය හැකියි.
♦ සනත් වීරසූරිය