ටෙහාන් සංගීත සාදේ
ටෙහාන් සමඟ හොට් චොක්ලට් බෑන්ඩ් එක ඉදිරිපත් කරන සංගීත සාදයක් අප්‍රේල් 21 වැනිදා සවස මීගමුවේ ආවේ මරියා ශාලාවේදී පැවැත්වෙනවා. සනුක, චිත්‍රාල්, ජයශ්‍රී වගේ ගායකයින් රැසක් මේ ප්‍රසංගයට එක්වෙනවා.
සූරිය විලේජ් අවුරුදු පොළ
කොළඹ ස්කෙල්ටන් පාරේ පිහිටලා තියෙන සූරිය විලේජ් අප්‍රේල් 8 වැනිදා ඉරිදා අවුරුද්ද වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. Holiday Pop up කියලා නම් කරලා තියෙන මේ වැඩසටහනේදී අලුත් අවුරුද්දට ඕනෙ කරන ලිනන් ඇඳුම්, බතික් ඇඳුම්, රසකැවිලි, අතුරුපස වගේ ගොඩක් දේවල් වට්ටම් එක්ක මිලදීගන්න පුළුවන් වේවි.