2018 අප්‍රේල් 13 වන සිකුරාදා

පොල් පිටි පොල් බටර් කොකනට් යෝගට් එක්ක සංගාගේ Ceylon Coconut company

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 265

මට මෑතකදී ප්‍රසිද්ධ පුද්ගලයන් දෙපළකගෙන් ආරාධනාවක් ලැබුණා. ඒ තමන්ගේ ඉවුම් පිහුම් ප්‍රදර්ශන වැඩසටහනකට සහභාගි වෙන්න කියලයි. ඒ ආරාධනාව ලැබුණේ චෙෆ් චාල්ස්ගෙන් සහ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගෙනුයි. ඒ ඔවුන්ගේ Ceylon Coconut company හි ඉවුම් පිහුම් වැඩසටහනක් සඳහායි. මමත් දෙපාරක් හිතන්නෙ නැතුව සහභාගි වුණා. 

සංගක්කාර ගැන නම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඔහු ගැන මුළු රටම දන්නවා. ඒ වගේම ඔහු මෙතැන අධ්‍යක්ෂවරයායි. එතකොට චෙෆ් චාල්ස් කියන්නේ

නිව් යෝර්ක්වල ඉඳන් ආපු ප්‍රසිද්ධ සූපවේදියෙක්. ඒ වගේම Ceylon Coconut company පිටිපස්සෙ ඉන්න එක් දැවැන්ත මොළයක්. ඔවුන් එදා සකස් කළේ  මින්ස්ඩ් කරි පෝක් බොලොනීස් (minced curry pork Bolognese). 
Ceylon Coconut company කියන්නේ 2014දී සංගක්කාර පටන්ගත් වැඩක්. කොහොමත් දේශීය ආහාරවලට ගොඩක් කැමැති සංගා මේක පටන් අරන් තියෙන්නේ සම්ප්‍රදායික පොල් ආශ්‍රිත නිෂ්පාදන වැඩිදියුණු කරලා මාකට් එකට දාන්න හිතාගෙනයි. පොල්තෙල්, පොල් පිටි සහ පොල් බටර් ඒ අතරින් විශේෂයි. ඒ වගේම කොකනට් යෝගට්, පැණි පොල්, බූසි පැණි පොල් වගේ අමුතු අමුතු කෑම ජාතිත් ඔවුන් හඳුන්වා දීලා තියෙනවා.

මේ වැඩසටහන පැවැත්වුණේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදීයි. චෙෆ් චාල්ස් වගේම සංගාත් ආහාර හදන්න හරි හරියට මහන්සි වුණා. හැබැයි දෙන්නම ගොඩක් ලස්සනට වැඩේ කළා. හරිම රසවත් ආහාරයක් රස බලන්න මට හැකිවුණා. 
ඒ විතරක් නෙමේ, මගේ ශරීරය පවත්වාගෙන යන්න ඕන විදිහ ගැනත්, සෞඛ්‍යමත් ආහාර ගැනීමේ වැදගත්කම ගැනත් මට දෙන්නගෙන්ම ගොඩක් උපදෙස් ලැබුණා. ඒ උපදෙස් එක්ක චුට්ටක් හරි වෙනස් වෙන්න මාත් උත්සාහ ගන්න තීරණය කළා.  

♦ ධනූ
ඡායාරූප - you’re my favorite

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00