කුකීස් කියන්නේ අපි කවුරුත් කන්න ආසා දෙයක්. හැබැයි ගෙදරදීම කුකීස් හදාගන්න පුළුවන් විදිහක් ඩිනෙලි බර්තොලමියුස් අපිට හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි decadent dough.
ඩිනෙලි මට මුණගැහුණේ මීට අවුරුදු ගණනාවකට ඉහතදීයි. විනෝදයට කුකීස් සෑදීමේ නිරත වෙලා හිටපු ඈ කුකීස් මිශ්‍රණයක් හදලා අලෙවියට සූදානම් කරන්න පටන් ගත්තේ ඉකුත් වසරේදීයි.
ඇය කියන විදිහට මේ මිශ්‍රණය පාවිච්චි කරලා පුංචි ළමයෙක්ට වුණත් කුකීස් හදන්න පුළුවන්.
මේ කුකීස් ගෙදරදීම හදාගන්න කරන්න තියෙන්නේ බොහොම සරල වැඩක්. කුකී මිශ්‍රණයක් අරගෙන ඒක තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කෑලි වලට කපාගන්න. ඊට පස්සේ පැකට්ටුවේ සඳහන් උපදෙස් අනුව ඒ උෂ්ණත්වෙට අවන් එකේ දාලා බේක් කරගන්න. රසවත් කුකීස් ගෙදරදීම හදාගන්න පුළුවන්.
♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත