හෝර්ටන් පෙදෙසේ බොන්සායි දැක්ම
බොන්සායි කියන්නේ ගොඩක් දෙනෙක්ගේ අවධානය, ආදරය දිනාගත්ත කලාවක්. ඉතින් බොන්සායිවලට කැමති අයට හොඳ ටිප් එකක් තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි දෘෂ්‍ය හා ලලිත කලා විශ්වවිද්‍යාලය සංවිධානය කරන Reflections 2018 ප්‍රදර්ශනය. හෝර්ටන් පෙදෙස ජේ.ඩී.ඒ. පෙරේරා ශාලාවේදී මෙම බොන්සායි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ මැයි 4, 5 සහ 6 යන දවස් තුන තුළදීයි. මධ්‍යහනයේ සිට හවස 6.30 වෙනතුරු එය පැවැත්වෙනවා.
කොළඹ හතේ ගැරේජ් සේල් එකක්
ගැරේජ් සේල් කියන්නේ තවමත් අපේ රටේ ඒ තරම් ජනප්‍රිය සංකල්පයක් නෙමේ. හැබැයි තමන්ගේ ගෙදර තියෙන තමන්ට නුවුමනා ලට්ට ලොට්ට වෙනත් කෙනෙක්ට වටින දෙයක් වෙන්න පුළුවන් කියන එක තමයි මේ වැඩේ අරමුණ. ඉතින් ඒ විදිහේ අරමුණකින් සංවිධානය කෙරෙන ගැරේජ් සේල් එකක් මැයි 05 වැනිදා කොළඹ 07 බාලදක්ෂිකා සංවිධාන මූලස්ථානයේදී සවස 2.00 ඉඳන් 5.00 වනතුරු පැවැත්වෙනවා.