ඉපදුණු ජන්මියා විවිධ ලෙස මියයනු ඇත. පූර්ණායු වින්දත් අල්පායු වින්දත් මැරෙන විලාශයට ග්‍රහ බලයක් ක්‍රියාත්මක වෙයි. කෙනකු ගින්නෙන් මියයන විට තවකෙකු ජලයෙන් මියයයි. තවකෙකු හදිසි අනතුරින් මියයයි.
දියේ ගිලීමෙන් මියයන ජන්මීන් උපදින කාලසීමාව තුළ උපන් ජන්මීන් දියේ ගිලීමෙන් මියයනවා ඇත. මේ දිනවල දියේ ගිලී මියයන ජන්මීන් අධික වීම සමාජ ගැටලුවක් බවටද පත් වී ඇත. දියේ ගිලී මියයන යෝග ඇති ජන්මීන් හඳුනාගෙන ජලාශවලට යාමෙන් වැළකී සිටිය හැකි නම් අවදානම අවම කරගත හැක.
පසුගියදා දියේ ගිලී මියගිය ජන්මියකු ඉපදී තිබුණේ 2005.07.05 වැනි දින පෙ.ව. 7.00ට පමණය. උපදින විට කුජ මහ දශාව ඉදිරියට වර්ෂ 02 මාස 00 දින 27 ක් පැවතිණ. ඒ අනුව මෙම ජන්මියා 2018.02.02 සිට 2019.02.20 දක්වා රාහු මහ දශාවේ කේතු අතුරු දශාව ගතකරමින් සිටියේය. එමෙන්ම 2018.02.24 සිට 2014.04.27 දක්වා රාහු මහ දශාවේ කේතුගේ අතුරැ දශාවේ ශුක්‍රයේ විදශාව ගතකරමින් සිටි කෙනෙකි. 2018 මාර්තු අවසාන වීමට ආසන්නයේදී මොහු දියේ ගිලී මියගියේය.
මෙම ජන්ම ග්‍රහ සටහන එසේ අවාසනාවන්ත ලෙස මියගිය ජන්මියාගේය.
මොහු උපතින්ම මරණ වරෙන්තුව අතේ තබාගෙන සිටියේ දියේ ගිලී මියයන්නටය. ආරංචියේ හැටියට 2018 ලබන විට ජන්ම පත්‍රය පරීක්ෂා කළ ජ්‍යොතිර්වේදියා පවසා තිබී ඇත්තේ දියේ ගිලී මියයාමට ඉඩ ඇති බැවින් ජලාශවලට නොයන ලෙසය. එකී ප්‍රකාශය මිථ්‍යා ප්‍රකාශයක් ලෙස ඔහුගේ පියා සලකා එය අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත ලා තිබේ. මාරයාට ජයගන්නට ඒ අනුව අවස්ථාව ලැබී තිබිණි.
රවි, කුජ හතරවැන්නේ සහ දසවැන්නේ නම් ගල් පහරක් වැදී මියයයි. හතරේ ශනිද, හතේ සඳුද, දහයේ කුජද සිටියේ නම් ළිඳක වැටී මියයයි. කන්‍යා රාශියේ සිටින රවි-චන්ද්‍ර දෙදෙනාට පාප දෘෂ්ටි එල්ලවන්නේ නම් නෑයින් අතින් මියයයි. රවි - චන්ද්‍ර දෙදෙනා තැන්පත් රාශිය දෙආකාර රාශියක් වී එය ලග්නය වූ විට ජන්මියා දියෙහි ගිලී මියයනු ඇත.
එකී අවසාන යෝගය මෙම ජන්ම පත්‍රයේ ක්‍රියාත්මකයි. සසරේ කළ අකුසලය යටපත් කරගන්නට ප්‍රමාණවත් කුසලයක් සිදුකරගතහොත් මෙවැනි අකල් මරණවලින් බේරීමට හැකිවනු ඇත.
සමාජ සුබසාධන, දේශකලා කීර්ති ශ්‍රී,
දේශබන්දු, ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ, ලංකාපුත්‍ර,
සුරා ශ්‍රී ගුණවර්ධන