සිතුවම් කලාව යනු අනෙක් බොහෝ කලා මාධ්‍යයන්ට එහා ගිය ගැඹුරු ප්‍රකාශන මාධ්‍යයකි. මන්ද, සිතුවම් කලාව තුළ සිත්තමක් දැකීමෙන් එහා ගොස්, එහි කියැවෙන ප්‍රකාශනය හඳුනාගැනීමට, කියැවීමට නම් ඒ සඳහා පුරුදු පුහුණු කළ දෑසක් සහ මනසක් වුවමනා වේ. එවන් දෑසකින් හා මනසකින් දැකිය යුතු සිත්තම් අපේ චිත්‍ර රසිකයන්ට සමීප කරවන තරුණ කලාකරුවකු අපි පසුගියදා මුණගැසුණෙමු. නමින් සම්පත් අමුණුගම වන ඔහු, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ චිත්‍ර කලා ගුරුවරයෙකි.
කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන සම්පත් සිතුවම් කලා ලෝකයට පා තබන්නේ 2005 වසරේදී තම පළමු චිත්‍ර ප්‍රදර්ශනය පවත්වමිනි.
“මම පටන්ගත්තේ ඇබ්ස්ට්‍රැක් සහ වර්ණ රේඛා චිත්‍රවලින්. නමුත් කාලයත් එක්කම මගේ සිතුවම් ආර වෙනස්වීමකට ලක්වුණා”
පළමු චිත්‍ර ප්‍රදර්ශනයේ සිට තවත් වසර කිහිපයක් ගතවන තැනදී සම්පත් තම හැබෑ දක්ෂතාව, එසේත් නැතිනම් සිතුවම් කලාව තුළින් තම ප්‍රකාශන එළියට දැමිය හැකි මාධ්‍යය නිවැරදිව හඳුනාගත්තේය. ඒ ‘වර්ණ සහ පින්සල් පහර’ තම සිතුවම් මාධ්‍යය කරගැනීමත් සමඟිනි.
“මාව ඒ දිසාවට යොමුවුණේ ඉබේටම වගෙයි. නමුත් ඒත් සමඟ එකම කාලයකදී චිත්‍ර දෙකක තුනක විතර නිරතවෙන්න පුළුවන්කමක් මට ලැබුණා. විශේෂයෙන්ම super natural කියල හඳුන්වන සංකල්ප ඔස්සේ මගේ අදහස් ප්‍රකාශ කරන්න මට ගොඩක් පහසු වුණා”
ඉකුත්දා කොළඹ බෙයාර්ෆුට් ගැලරියේ පැවැති සම්පත් අමුණුගමගේත් තවත් පළපුරුදු චිත්‍ර ශිල්පිනියක වන නොයෙලින් ප්‍රනාන්දුගේත් චිත්‍ර ප්‍රදර්ශනයක් අපි නැරඹීමු.
සම්පත්ගේ චිත්‍ර බොහෝවිට සුදු, කළු, අළු සහ රතු වර්ණයන්ගෙන් කැන්වසය වැසීගිය සිතුවම් යැයි කීම වැරදි නැත. ඔහු තම අදහස් ප්‍රකාශන සියල්ල එළියට දමන්නේ එවැනි වර්ණ කිහිපයකිනි. රතු වර්ණයෙන් බොහෝවිට රුධිරයත්, සුදු කළු සහ අළු වර්ණයන්ගෙන් විවිධ මානව චෛතසිකයනුත් ඔහු නිරූපණය කර තිබේ.
“මං අඳින චිත්‍ර ලස්සනට අඳින ඒවා නෙමේ. කොටින්ම සාමාන්‍ය මනුස්සයෙක් ගෙදර බිත්තියේ එල්ලන්න හිතන විදිහේ ඒවා නෙමෙයි. මම චිත්‍රවලින් කරන්නේ මගේ ආත්ම ප්‍රකාශනයයි. ඉතින් ඒ නිරූපණය හරියට කියවන කෙනෙකුට තමයි ඒකෙ වටිනාකම නිවැරදිව ග්‍රහණය වෙන්නෙ”
ලංකාව යනු පුදුමාකාර අයුරින් ගතික සමාජයකි. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න මෙන්ම ජාතික තලයේ, මතවාදීමය තලයේ ප්‍රශ්න ඕනෑ තරම්ය. එවැනි සමාජයක්, ඕනෑම නිර්මාණකරැවකුට ක්ෂේම භූමියක් බඳුය.
“හොඳම උදාහරණය තමා 2007 දී විතර යුද්ධයට සම්බන්ධව මට දැනිච්ච හැඟීම් එක්ක මම පත්තර පාවිච්චි කරලා කොලාජ් ආරේ නිර්මාණයක් කළා. ඊටපස්සෙ තවත් ඒ වගේ නිර්මාණ කිහිපයක්ම මම කළා. ඉතින් සමාජයේ තියෙන ප්‍රශ්න අපිට නිර්මාණ කරන්න උදව් වෙනවා. සමහරවිට කලා නිර්මාණයක් කරන්න පදනම වෙන්නෙත් සමාජ ප්‍රශ්නයක්”
සම්පත් ප්‍රකාශ කරන ආකාරයට ලංකාවේ චිත්‍ර කලාව මුහුණදෙන එක් ප්‍රධාන ගැටලුවක් වන්නේ මෙරට චිත්‍ර කලා රසිකත්වය තුළ තිබෙන ලුහුඬුතාවයි. එනම් උසස් චිත්‍ර කලා නිර්මාණයක් රසවිඳීමට තිබිය යුතු මානසික විවේකය සහ දැනුම දක්නට ලැබෙන්නේ අඩුවෙනි. එවැනි නිර්මාණයක වටිනාකම නිවැරදිව තක්සේරැ නොවීමට ද එය බලපෑමක් වන්නට පුළුවන.
“චිත්‍ර මිලදීගන්න අදහසින් ප්‍රදර්ශනයකට එන අය එන්නේ, ගෙදර බිත්තියට ගැලපෙන චිත්‍රයක් හොයාගන්නයි. එහෙම නැතුව චිත්‍ර දිහා බලලා ඒවායේ සුන්දරත්වය, වටිනාකම අනුව මිලදීගන්න නෙමෙයි.
රජිත