ගහකට පුළුවන්ලු ...
ගිම්හානයේ වියලෙන මල් - කොළ ..
එකින් එක ගිලිහෙන එක ..
දරාගෙන ඉන්න..
වස්සානය ආයෙත් එනකල්...
ඉකිබිඳින්නේ නැතුව නිහඬවම ඉන්න...
ගං ඉවුරකට පුළුවන්ලු...
හිම මිදෙනකොටත් ..
පොළොව ඉරිතැලිලා වේලිලා යනකොටත් ..
එක වගේ උහුලගෙන ඉන්න ..
වස්සාන ගීතයක් වෙලා ..
ආයෙමත් ගංදිය ගලා යනතුරු ..
ඉවසාන ඉන්න...
උඹ දන්නෙ නැතුවට...
මටත් පුළුවන් ..
උඹ කවදහරි එනකල්ම ..
ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්න
► රජිතා අබේසිංහ