2018 මැයි 05 වන සෙනසුරාදා

ප්‍රතිශක්තිය වැඩිකරගන්න කියාපු කෑමක් බිම්මල්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 372

ශරීර ප්‍රතිශක්තීකරණ පද්ධතිය වඩාත් හොඳින් පවත්වා ගැනීමට බිම්මල් ඉතා උපකාරී වේ. නමුත් බිම්මල් වගා කිරීමේදී කාබනික පොහොර පමණක් යොදා නිපදවීමට වගබලා ගතයුතු බවත් කාබනික පොහොර යෙදූ බිම්මල් පමණක් ආහාරයට ගතයුතු බවත් සැලකිය යුතුය. බිම්මල් තම වගා මාධ්‍යයේ ඇති බැර ලෝහ වාතය හා ජල දූෂක ද්‍රව්‍ය වඩාත් අවශෝෂණය කර ගනී. බිම්මල් බැක්ටීරියාවන්ට විරුද්ධව ක්‍රියාකරන ඖෂධ නිපදවීමට යොදා ගනී. පෙනිසිලීන්, ටෙට්‍රසයික්ලීන්, ස්ට්‍රෙප්ට්‍රොමයිසීන් වැනි ප්‍රතිජීවක ඖෂධ ද මෙමඟින් නිපදවා ගනී.

හතු ග්‍රෑම් 100ක අඩංගු වන පෝෂණ ගුණ.

ප්‍රෝටීන් 6%, ෆයිබර් 4%, නියසීන් 18%, සෙලනියම් 13%, පොටෑසියම් 9%, විටමින් ඩී 5%, රයිබොප්ලෙමින් 24%, කාබෝහයිඩ්‍රේට් 1% සහ කැලරි 1%.

ශරීරයේ බර පාලනය කිරීමට ඉතා සුදුසු ආහාරයක් ලෙසින් බිම්මල් යොදාගත හැකි බව පර්ෙය්ෂණවලින් සනාථ කර තිබේ. එසේම ශරීරයේ පෝෂණ තත්ත්වය දියුණු කිරීමට ඉතා වැදගත් වන ආහාරයකි. ඇතැම් බිම්මල් වර්ග ප්‍රතිශක්තිය දුර්වලවීම නිසා ඇතිවන රෝගාබාධ සහ පිළිකා සඳහා ඉතා වැදගත් වේ. කැටපිලර් බිම්මල් මේ සඳහා ඉතා ජනප්‍රිය ආහාරයකි. මෙහි සීනි මට්ටම අඩුකරලීමේ ගුණය ද පවතී. දියවැඩියාව රෝගයට, මානසික ආතතිය අඩු කිරීමට ද, ශරීරයේ රැධිර සංසරණය ක්‍රමවත්ව සහ හොඳින් සිදු කිරීමට ද, ශරීරයේ කොලොස්ටරෝල් පාලනයට ද ඉතා හොඳ ආහාරයකි.

ශරීර ශක්තිය ගණනය වීම, වයසට යෑම වැළැක්වීමේ ගුණය ද මෙහි පවතී. හෙපටයිටීස් බී රෝගය පාලනයට ද ඉතා වැදගත් වේ. පිළිකා නාශක ගුණයක් ද පවතින අතර රුමැටොයිඩ්, ආතරයිටීස්, ඇදුම, වකුගඩු අකර්මණ්‍යතාවය සහ රුධිර කැටි හිරවීම නිසා ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් සඳහා ද බිම්මල් ඉතා සුදුසු ආහාරයකි.

නමුත් බිම්මල් ගැන කතා කරද්දී ඉතා විෂ සහිත බිම්මල් ඇති නිසා ආහාරයට සුදුසු බිම්මල් පමණක් තෝරාගැනීමට ප්‍රවේසම් විය යුතුය. මේ අතරින් බොත්තම් හතු ආහාරයට සුදුසු බිම්මල් වර්ගයකි. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ බිම්මල් වර්ගයක් වන මෙහි ඇති ප්‍රෝටීන මඟින් කොලොස්ටරෝල් දහනය කෙරේ. අහිතකර කොලොස්ටරෝල් අඩුකර හිතකර කොලොස්ටරෝල් වැඩි කෙරේ. කොලොස්ටරෝල් පාලනය සහ රුධිර පීඩනය අඩු කරයි.

ඉතා වටිනා ප්‍රෝටීන් සහ අත්‍යවශ්‍ය එන්සයිම වර්ග, විටමින් ඩී, ඩී2, විටමින් බී, පොටෑසියම්, සෙලිනියම් අඩංගු වේ. එමෙන්ම කොපර්, පොටෑසියම් ද මෙහි අන්තර්ගතව පවතී. බීටා ග්ලූකන් සංයෝගය, ශරීර උත්තේජනය කිරීමේ හැකියාව නිසා ආසාත්මිකතාවලට විරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාව ඇත.

ප්‍රතිඔක්සිකාරක ගුණය පවතී. ශරීර ආසාත්මිකතා ඇති කරවිය හැකි ග්ලූටීන්වලින් තොර ආහාරයක් ද වේ. බිම්මල්වල පවතින යකඩ රක්තහීනතාවය වළකාලයි. ශරීරයේ වෙහෙස දුරැකරලයි. පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා සහ පියයුරැ පිළිකාවන්ට ඉතා ගුණදායක ආහාරයකි. කැල්සියම් වැඩිපුර ඇති බිම්මල් අස්ථි ශක්තිමත්ව සහ නිරෝගීව පවත්වාගෙන යාමට හිතකර වේ.

පොටෑසියම්වලින් පොහොසත් වීම හේතුවෙන් නාළය පළල් කර රුධිර පීඩනය අඩු කිරීමට ද බුද්ධි වර්ධනය සඳහා ද බිම්මල් උපකාරී වේ. ආහාර මාර්ගයේ හිතකර බැක්ටීරියා ගණනය වැඩි කිරීමට බිම්මල් උපකාරී වේ. ආහාරයට හොඳින් දිරවා අවශ්‍ය පෝෂක කොටස් ශරීරයට උරා මළ හොඳින් පිට කිරීමට උපකාරී වේ.

නමුත් ඔබ ගන්නා බිම්මල් ආහාරයට සුදුසු ඒවාද යන්න පිළිබඳව සොයාබලා ආහාරයට ගැනීම ඉතා වැදගත්ය. සුදුසු බිම්මල් යනු පෝෂ්‍යදායී අතින් ඉතා පොහොසත් රසවත් ආහාරයකි.