2018 මැයි 05 වන සෙනසුරාදා

ගාලුකොටුව ඇතුළේ රස වෑහෙන Deco on 44

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

Deco on 44 කියන්නේ ගාලු කොටුව ඇතුළේ තියෙන බොහොම අපූරු කලාත්මක හෝටලයක්. පිටතින් බලද්දී බොහොම පොඩියට පෙනුණත් මේ හෝටලයේ හොඳින් ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම පවුලේ ආහාරවේලක් වෙනුවෙන් කදිමට ගැලපෙන මේ හෝටලයේ අවන්හල, පෙරදිග අපරදිග විවිධ ආහාර රටා බොහොම රසවත් අයුරින් පිළිගන්වනවා. බොහෝමයක් දවස්වල පුංචි සංගීත කණ්ඩායමකුත් ගීත ගයමින් ආහාර අත්දැකීම තවත් රසවත් කරනවා. 

මෙහිදී අපි මුලින්ම රස බැලුවේ ඔවුන් ඉදිරිපත් කරන Beef Works Burger කියන බර්ගර් එකයි. ඒක බොහොම සාරවත් ජූසි බීෆ් යොදාගෙන හදලා තිබුණා. ඒ වගේම සලාද කොළ, තක්කාලි, චීස්, බදින ලද බිත්තර, ගෝවා සලාදයක්, අර්තාපල් පෙති වගේ ගොඩක් දේවල් ඒ බර්ගර් එකට ඇතුළත් වුණා. 

Char Grilled Butterfly Beef Steak with Potato Wedges and Grilled Vegetables කියන්නෙත් කට දැවිල්ල ඇතිකරන රසවත් ආහාරයක්. ඒ වගේම මුහුදු ආහාරවලට ප්‍රිය කරන අයට හොඳම තෝරාගැනීමක් තමයි Grilled Jumbo Prawns with Buttered Vegetables and Chips.

ඊට පස්සේ අපි කෙළින්ම අතුරුපසවලට යොමුවුණා. අපි මුලින්ම රස බැලුවේ Dark Walnut Chocolate Brownie with Vanilla කියන අයිස්ක්‍රීම් එකෙයි. ඒකෙ ඇත්තටම ලොකු විශේෂයක්, අමුත්තක් තිබුණේ නැහැ. නමුත් අපි ඊළඟට ඕඩර් කරපු Black Forest Gateaux කේක් එක නම් විශිෂ්ටයි!

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00