2018 මැයි 05 වන සෙනසුරාදා

අඹකන්දවිල මුහුදු තීරයේ සොඳුරු නවාතැන Carolina Beach

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

හලාවතට දකුණින් පිහිටා තිබෙන අඹකන්දවිල කියන්නේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් නොවුණු මුහුදු තීරයක්. නමුත් කැරොලිනා බීච් හෝටලය මේ මුහුදු තීරයේ සුන්දරත්වය හොඳින් අවබෝධ කරගෙන එතැන හෝටලයක් නිර්මාණය කර තිබෙනවා. 

ඇත්තෙන්ම අඹකන්දවිල කියන්නේ පුංචි ධීවර ගම්මානයක්. ධීවර කටයුතුවලට අමතරව මුහුද අයිනේ දැවැන්ත පොල් රුප්පාවක් මැද මේ ගම පිහිටලා තියෙන්නේ හලාවත නගරයට කිලෝමීටර පහක් පමණ දකුණින්.

මේ මුහුදු තීරයේ පිහිටා තිබෙන එකම සංචාරක හෝටලය වන්නේ කැරොලිනා බීච් හොටෙල් ඇන්ඩ් ස්පා වීමත් විශේෂත්වයක්. එනිසාම එහි පැමිණෙන සංචාරකයන්ට හිතේ හැටියට නිදහස් සුවය විඳින්න පුළුවන්. 

මේ හෝටලයේ තවත් විශේෂත්වයක් තමයි දැවැන්ත පිහිනුම් තටාක දෙකක්ම පැවතීම. ඒ වගේම විශාල උත්සව ශාලාවකුත් තියෙනවා. අලුතින් ඉදිකරන ලද නවීන මාදිලියේ කාමර 56කුත් මෙහි අන්තර්ගතයි. නමුත් හෝටලයේ මුළු කාමර සංඛ්‍යාව 86 ක්. මේ කාමරවල වායු සමීකරණ පහසුකම්, කේබල් ටීවී පහසුකම්, දුරකතන පහසුකම්, සේප්පු, වයි ෆයි, මිනි බාර් ඇතුළු පහසුකම් රැසක් පවතිනවා.

හෝටලය ඉදිකර තිබෙන්නෙත් අවට පරිසරයේ දායකත්වය හොඳින් ලබාගනිමිනුයි. එනිසා මුහුද දෙසින් හමා එන සුළඟ, හෝටලයට හොඳ සිසිලසක් සපයනවා.

මෙහි අවන්හල් දෙකක් පවතිනවා. ප්‍රධාන අවන්හල සෑම අතින්ම එළිමහනට විවෘත වුණු තැනක්. එනිසා මුහුදු දර්ශනය නරඹමින් ආහාර ගැනීමට හැකිවීම, මෙතැනදී ලැබෙන අමතර වාසියක්. එම අවන්හලේදී ලෝකයේ ජනප්‍රිය ආහාර රටාවන් රැසක ආහාර රසවිඳින්න පුළුවන්. මීට අමතරව වෙරළ අද්දරත් තව අවන්හලක් තිබෙනවා. එතැනදී සී ෆුඩ් ආහාර රස බැලිය හැකියි. බීම වර්ග ගැන කතාකරද්දී විදෙස් මද්‍යසාරවලට අමතරව හොඳ නැවුම් රසයෙන් යුත් ජූස් වර්ගත්, විවිධ කොක්ටේල් වර්ග රාශියකුත් දකින්න ලැබෙනවා.

මෙහි සිට සංස්කෘතික ත්‍රිකෝණය දෙසටත් කල්පිටිය දෙසටත් ඒ වගේම කොළඹටත් පහසුවෙන් ළඟාවිය හැකියි. කැරොලිනා බීච් හෝටලය පිහිටා තිබෙන්නේ ලංකාවේ ප්‍රධාන රැම්සා තෙත් බිමක් වන ආනවිලුන්දාව පක්ෂි අභය භූමියේ සිට කිලෝමීටර 10 ක් දුරිනුයි. ඊට අමතරව විල්පත්තුව, කල්පිටියේ ඩොල්ෆින් නැරඹීම, මුතුරාජවෙල තෙත්බිම වගේ දේශීය ශාක සත්ව ප්‍රජාව දැකගන්නත් මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට අවස්ථාව තිබෙනවා. 

♦ සනත් වීරසූරිය

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00