2018 මැයි 19 වන සෙනසුරාදා

කඳු මුදුනකින් ගුවන් යානයට නගින “සෙල්ලම”

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

අපි මීට කලින් අවස්ථාවකත් wingsuits ගැන කතා කළා. හැබැයි අද කියන්න යන්නේ සාමාන්‍ය wingsuits ක්‍රියාකාරකම්වලට වඩා ටිකක් භයානක විදිහේ දෙයක් ගැනයි.

සාමාන්‍යයෙන් අපි දකින්නේ ගුවන් යානයක ඉඳන් පිටතට පනින පැරෂුට් ක්‍රියාකාරකම් සහ වින්ග් සූට් ක්‍රියාකාරකම් වුණත් අද වෙද්දි පිටත ඉඳන් පියාසර කරමින් තිබෙන ගුවන් යානයක් තුළට ඇතුළුවීමේ ක්‍රියාකාරකමත් සෑහෙන ජනප්‍රියයි.

මේකේදී කෙරෙන්නේ කඳු මුදුනක සිට වින්ග් සූට් එකක ආධාරයෙන් ගුවන් යානයට ගොඩවීමයි. මෙතැනදී කඳු මුදුනේ සිට ගුවන් යානය දක්වා අඩුම තරමේ කිලෝමීටරයක් වැනි දුර පරතරයක් තිබීමත් අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම සුළං පාරත් සමඟ පොරබදිමින් ගුවන් යානයේ දොරටුව වෙත නිසි ඉලක්කය ගැනීමට තරමක කාලයක් අවශ්‍ය වීම ඊට හේතුවයි.

මේ ක්‍රියාකාරකම ගොඩක් දුරට සිදුවන්නේ යුරෝපයේ ඇල්ප්ස් වැනි කඳුකර පරිසරයන් ආශ්‍රිතවයි. හැබැයි ගුවනේ පියාසර කිරීම ගැන හොඳ පුහුණුවක් තියෙන කෙනකුට මිසක් සාමාන්‍ය කෙනකුට මේ වැඩේ කරන්නත් අමාරුයි. මොකද පොඩි අත්වැරැද්දකින් ජීවිතෙන් වන්දි ගෙවන්නත් සිද්ධවෙන්න පුළුවන්. 

 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00