2018 මැයි 26 වන සෙනසුරාදා

HIT TIPS

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

මීගමු වෙරළේ Clean Up මෙහෙයුම

මැයි 29 පෝය දවසේ මීගමුව වෙරළ ආශ්‍රිතව අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. පරිසරයට ආදරය කරන ඔබට එහිදී මුහුදු වෙරළ පිරිසුදු කිරීමේ ක්‍රියාකාරකමකට එක්විය හැකියි. කොළඹ ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් ස්කේවෙයාර් එකේ සිට මීගමුව වෙරළ දක්වා හැමිල්ටන් ඇළ දිගේ බෝට්ටු සවාරියකුත් ඇතුළත් මේ ගමනට එක් අයෙකුගෙන් රුපියල් 5800ක් අය කෙරෙනවා. කොහොම නමුත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන වගේම මාළු සහ ඉස්සන් බාබකියු, කුරුම්බා වතුර වගේ ආහාරපාන ලබාදීමත් මේකට ඇතුළත්. Poya day - Beach clean up නම් මේ වැඩසටහන ගැන වැඩි විස්තර ෆේස්බුක් හරහා ලබාගත හැකියි. 

අලුත්ම තාලේ සංගීතයක්

කොළඹ ගංගාරාමය අසල berlin sky lounge අවන්හලේදී මැයි 31 වැනිදා වෙනස් තාලේ සංගීත වැඩසටහනක් පැවැත්වෙනවා. 90 දශකයේ සංගීතයට ඇලුම් කරන හැමෝටම මේ සංගීත වැඩසටහන සුන්දර අත්දැකීමක් වේවි. වැඩසටහන පටන්ගන්නේ හවස 5.30ටයි. 

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00