ඩුබායිවල සංචාරයකට එන්න කියලා මට එයාර් අරාබියා ගුවන් සේවයෙන් ඇරයුමක් ලැබුණේ හිටිහැටියේමයි. හනි හනිකට ඇඳුම් ටික පැක් කරගත්තු මමත් ගමනට ලෑස්ති වුණා. අපි ගොඩබැස්සේ සාජා ගුවන් තොටුපළටයි. ඉන්පස්සේ එතැන ඉඳන් ඩුබායිවල තියෙන Metropolitan Hotel Dubai හෝටලයට ගමන් කළා. එය තරු හතරේ කදිම හෝටලයක්.
ඩුබායිවලදී ලබාගත්තු හොඳම අත්දැකීමක් වුණේ Dunes Drive නමින් හඳුන්වන කාන්තාර සවාරියයි. අපි එහිදී ඔටුවන්ගේ ගොවිපළකටත් ගොඩවුණා. ඇත්තටම ඔටුවෝ කියන්නේ හරිම ලොකු ආඩම්බරකමකින් ඉන්න ජාතියක් කියලා මට හොඳටම දැනුණෙ ඒ වෙලාවෙයි. අනික් අතට ඔටුවන් පිට යෑම කියන්නේ බඩ දඟලන අත්දැකීමක් බවත් කිව යුතුයි. ඔටුවාගේ පිටේ නැඟලා ඔටුවා ඉස්සෙද්දි මට මහ හයියෙන් කෑ ගැහුණේ ළඟ හිටපු චීන සංචාරකයෝ පිරිසක් පුදුමයෙන් මගේ දිහා බලද්දියි.
කාන්තාර සවාරියේදී අත්විඳපු තවත් අමතක නොවන අත්දැකීමක් වෙන්නේ කාන්තාරයට හිරු බැස යන දර්ශනයයි. ඒක හරිම චමත්කාරජනක මොහොතක්.
රාත්‍රී කාලය ගෙවුණේ ගිනි කෙළි සංදර්ශනයක්, අරාබි කෝපි සහ ෂීෂා වලිනුයි.
පසුදින උදෑසනම මම ගියේ Jumeirah පල්ලිය නරඹන්නයි. ඒක තමයි ඩුබායිවල තියෙන සංචාරකයන්ට යන්න දෙන සහ පින්තූර ගන්න දෙන එකම මුස්ලිම් දේවස්ථානය. ඉන්පස්සේ ඩුබායි රන් මධ්‍යස්ථානයටත් ගිය මම තවත් පැය කිහිපයක් සාප්පු සවාරිය වෙනුවෙන් වෙන්කරලා අවසානයේ නැවත පිටත්වීම සඳහා සාජා ගුවන් තොටුපොළට ආවා.
♦ ධනූ
ඡායාරූප - You’re my favorite