2018 මැයි 15 වන දින වෘෂභ රාශියට පිවිසි රවි සමග බුධ ග්‍රහයා 2018 මැයි මස 27 වන ඉරුදින උදේ 8.23ට එක්වනු ඇත. බුධ ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ වෘෂභයට පැමිණියද, තමාට සතුරු රාශියක ගමන් කරන රවි සමග එක්ව ගමන් කිරීම අප රටටත් ලෝකයටත් එතරම් යහපත් කාලවකවානුවක් නොවේ. 2018 ජූනි 10 වන රවි දින උදේ 7.33 දක්වා බුධ වෘෂභයේ ගමන් කරයි. අප රටට සිදුවන බලපෑම් අතර භූමිය ආශ්‍රිතව ක්ෂණික විපර්යාස ඇතිවේ. භූමියේ සෙලවීමක් හෝ ගිලා බැසීමක් වාර්තා වනු ඇත. භූමියෙන් වටිනා මැණික් හමුවන අතර අප රටින් වටිනා පාෂාණමය ද්‍රව්‍ය මැණික් රත්තරං වැනි දෑ හොර රහසේ විදේශ කරා ගෙනයාමට වංචනික පිරස් ක්‍රියාකරන කාලයක් බැවින් ඒ පිළිබඳව අදාළ බලධාරීන් අවධානය යොමුකළ යුතුවේ. පාර්ලිමේන්තු නියෝජිතයකුට මන්ත්‍රීවරයකුට අයහපත් වූ සිදුවීමක මුහුණ දීමට සිදුවනු ඇත. අප රටට ජාත්‍යන්තර උදව් උපකාර හිමිවන කාලයක් වේ.
• මේෂ - අතට මුදල්
ඔබගේ වචනයට අන් අයව නතු කරගත හැකි වකවානුවක් වේ. අතේ මුදල් ගැවසෙන වකවානුවක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත.
• වෘෂභ - ධනලාභ
ඔබට යහපත්ය. තරමක් කේන්ති ගතිද ඇතිවේ. හදිසි ධනලාබද අත්වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල ගෙන දෙයි. නිවසේ අලුත්වැඩියාවක් සිදු කිරීමක් කරනු ඇත.
• මිථුන - උණ රෝග
ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශ්වවලින් බාධා ඇතිකරනු ඇත. ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. උණ රෝගාබාධයක් නිසා පීඩාවට පත්විය හැකි බැවින් ප්‍රවේසම් වන්න.
• කටක - මිතුරන්ගෙන් උපකාර
භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත්ය. හවුල් කටයුතුවලින් ද ඵල ගෙන දෙනු ඇත. විශාල අන්දමෙන් මුදල් වියදම් කිරීමේදී පරිස්සම් විය යුතු වේ. හිතමිතුරන්ගේ උදව් උපකාර අත්වන වකවානුවකි.
• සිංහ - නව රැකියා
තම මතයට අනුව කටයුතු කරන වකවානුවකි. නව රැකියාවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත. අන් අයගේ පැසසුමට පත්වනු ඇත.
• කන්‍යා - අධ්‍යාපනයට හොඳයි
යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතුවල සාර්ථක වීමක් අත්කර ගත හැකි වනු ඇත. අධ්‍යාපන කටයුතුවල මෙන්ම ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් ඵල අත්වනු ඇත.
• තුලා - වැඩට බාධා
ඔබට අයහපත් ඵල අත්වන අතර ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ පාර්ශ්වවලින් බාධා ඇතිවේ. ශරීර ශක්තියට බාධා ගෙන දෙන අතර උණ රෝග පීඩාවක්ද ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.
• වෘශ්චික - හවුලට හොඳයි
නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යහපත් කාලයක් වනු ඇත. හදිසි තුවාල පීඩා ඇතිවිය හැකි බැවින් අවදානම් තැන්වල නොයන්න. හවුලේ කටයුතුවලින්ද ඵල අත්වනු ඇත.
• ධනු - කාලත්‍රයාට පීඩා
යහපත් ඵල අත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවේ. ඔබගේ කාලත්‍රයාට හදිසි ශරීර පීඩාවක් ගෙන දෙයි. උණ රෝග අවදානම් වලින් පරිස්සම්වන්න.
• මකර - නිර්මාණශීලී අදහස්
යහපත් ඵල ගෙන දෙන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල ගෙන දේ. නව නිර්මාණශීලී අදහස් ඇතිවන අතර හිතමිතුරන්ගෙන් උදව් ලැබෙන වකාවනුවකි.
• කුම්භ - සිතේ සතුට
ශුභඵල ගෙන දෙන අතර නව දේපලක් මිලදී ගැනීමට යහපත් වකවානුවකි. සිතේ සතුට ගෙන දෙන වකවානුවක් වන අතර හවුල් කටයුතුවලින්ද ඵල අත්වනු ඇත.
• මීන - කෙටි ගමන්
සහෝදරයන් සමග බැඳීම වර්ධනය වෙයි. සන්නිවේදන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල ගෙනදෙනු ඇත. කෙටි ගමන් වැඩියෙන් යෙදෙන වකවානුවකි.