2018 ජුනි 02 වන සෙනසුරාදා

HIT TIPS

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 57

Open Mic සංගීතයක්

anime සංවිධානය කරන Open mic සංගීත වැඩසටහනක් ජුනි 09 වැනිදා පැවැත්වෙනවා. සවස හයේ ඉඳන් 9 වනතුරු කොළඹ 05 පාක් වීථියේ TeaTalk - Pure Ceylon Tea අවන්හලේදී පැවැත්වෙන මේ වැඩසටහනට එකතු වෙලා සින්දු කියන්න විනෝද වෙන්න ඔබටත් පුළුවන්. නමුත් ඒ සඳහා කල්තියා ලියාපදිංචි වීම අවශ්‍යයි. ෆේස්බුක් හරහා වැඩිදුර තොරතුරු ලබාගත හැකියි. 

Colombo Night Bazaar ලබන සතියේ

කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල ග්‍රීන් පාත් කියන්නේ කොහොමත් ආහාර පාන වැඩසටහන්වලට ප්‍රසිද්ධ තැනක්. ලබන ජුනි 08 වැනිදා සිට 10 වැනිදා දක්වාත් මෙතැන ආහාර වීථියක් බවට පත්වෙනවා. Colombo Night Bazaar නම් මේ ආහාර වීථි වැඩසටහන සවස් කාලයේ සිට රෑ බෝ වන තුරු විවෘත වීමට නියමිතයි.