2018 ජුනි 02 වන සෙනසුරාදා

වැඩ කරන ජනතාවට සුබ කාලක්

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

2018 ජුනි මස 9 වැනි ශනි දින පාන්දර 2 පසු වී විනාඩි 43ට ග්‍රහලොව මනාලිය වූ සිකුරු ග්‍රහයා තමාට සතුරු රාශි භවනක් වූ කටක රාශියට පිවිසේ. මෙසේ පිවිසෙන සිකුරු ගුරුට අයත් පුනාවස නැකතේ 4 වැනි පාදයෙන් සෙනසුරුට අයත් පුෂ නැකතේ සහ බුධට අයත් අස්ලිස නැකතේ සම්පූර්ණවත් ගමනින් 2018 ජූලි මස 5 වැනි ගුරු දින දක්වාම කටකයේ ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී මූල්‍ය ආයතන ආශ්‍රිතව අයහපත් ක්‍රියා වාර්තා වෙයි. මහජනයාගේ සුබ සිද්ධිය උදෙසා රජය මගින් වැඩ කටයුතු කිහිපයක් ආරම්භ කරන වකවානුවකි. ජනප්‍රිය, ප්‍රසිද්ධ කාන්තාවකට මාරක අපලයක් ඇති වේ. වැඩ කරන ජනයාට ශුභ ඵල අත්වනු ඇත. බන්ධනාගාර ආශ්‍රිතව අශුභ සිදුවීමක් ඇති වන අතර රට තුළ අපරාධ ක්‍රියා, මංකොල්ලකෑම් වර්ධනය වේ. 

දේශීය වශයෙන් විමසා බැලීමේදී අමෙරිකානු රටවල්, ඇල්ජීරියාව, ඉන්දියාව, පෘතුගාලය, ලිතුවේනියාව, ග්‍රීසිය, මැසඩෝනියාව, අප්‍රිකානු රටවල් ද, මුරැසි දූපත්, නෝර්වේ, සිරියාව, ටියුනිසියාව, ස්කොට්ලන්තය ආශ්‍රිතවද අයහපත් සිදුවීම් ඇති වන කාලයකි. කාලගුණික විපර්යාස ඇති වෙමින් හදිසි ජල ගැලීම්, නාය යෑම්, භූකම්පන ද සිදුවනු ඇත.
මේෂ - සිතේ අසහනය

යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වන්නා වූ වකවානුවකි. සිතේ සහනය ඇතිවනු ඇත. නව දේපලක් මිලදී ගැනීමට යහපත්ය. තම කටයුතුවලට විවිධ වූ පාර්ශව මගින් බාධා ඇති කරයි. 

වෘෂභ - කේන්ති ගති
තරමක් කේන්ති ගති ඇති වුවද අන් අය සමඟ ඇසුරු කිරීමේදී ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. කලා හා ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත.

මිථුන - කැපී පෙනේ
තැන්පත් ධනය හදිසියේ වියදම් කිරීමට සිදුවනු ඇත. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත් වේ. උගුර ආශ්‍රිත පීඩාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදු වේ. 

කටක - ගෞරවයට ලක් වේ
යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු රැසක් සාර්ථක කර ගැනීමට හැකි වන වකවානුවකි. අන් අයගේ ගෞරවයට ඔබව පත්වන අතර කලා කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ගෙන දෙනු ඇත.

සිංහ- රැකියාවේ වෙනසක්
ඔබගේ කටයුතුවලට විවිධ බාධා ඇති වනු ඇත. රැකියාවේ වෙනසක් බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවන අතර හදිසි සෙම් ආබාධයකින් පීඩාවක් ගෙන දෙයි.

කන්‍යා - සමාජ සේවයට
හිත මිතුරන්ගේ සහයෝගය ඔබට අත්වන වකවානුවකි. ඔබගේ උත්සාහයෙන් වැඩකටයුතු රැසක් සාර්ථක කරගනු ඇත. සමාජ සේවා කටයුතු සඳහා වැඩිපුර වෙහෙස වන වකවානුවකි.

තුලා - සිතේ සහනය
තම මතයට අනුව කටයුතු කරන කාල වකවානුවක් වේ. සිතේ සහනය ඇතිවනු ඇත. යම් යම් සිදුවීම් නිසා ඉක්මණින් බියට පත් වේ. රැකියාව පිළිබඳ පැවති ගැටලු නිරාකරණය වේ. 

වෘෂ්චික - අතපසුවීම් වැඩියි
ඔබට යහපත් වන අතර වැඩිපුර තමා ගැනම සිතා කටයුතු කිරීමට පෙළඹෙන නිසා තමා සමඟ හිතවතුන් සිත් අමනාපකම් ඇති කරගනී. යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ද අතපසු වීම් ද සිදුවනු ඇත.

ධනු - ආයෝජනයට හොඳයි
එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා එල්ල වේ. මුදලක් ආයෝජනය කර යම්කිසි කටයුත්තක් ආරම්භ කිරීමට යහපත් කාලයක් වේ.

මකර - පවුලේ සමගිය
ඔබට යහපත් වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වන්නා වූ වකවානුවකි. හවුල් ව්‍යාපාරික කටයුතුවල ද නිරතව සිටින අයට යහපත් ඵල ගෙන දෙනු ඇත.

කුම්භ - සතුරු බලවේග
ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ වූ පාර්ශවවලින් බාධා ගෙන දෙනු ඇත. තමාට එරෙහි සතුරු බලවේග ක්‍රියාත්මක වන වකවානුවකි. මවගේ ඥාතියකුගෙන් දෝෂාරෝපණයක් ද එල්ල වනු ඇත.

මීන - ලිංගික බලපෑම් 
කලා කටයුතුවල නිරත වී සිටින අයට ද යහපත් ඵල ගෙන දෙනු ඇත. විරැද්ධ ලිංගික බැඳීම් ඇති වනු ඇත. ලැබීම් යහපත් වුව ද වියදම් අධික බැවින් දියුණුවේ පසුබෑමක් ඇති කාලයකි.

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00