2018 ජුනි 09 වන සෙනසුරාදා

ආයුර්වේද අත්බෙහෙත්

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 501

♦උළුක්කුවට

වල් අඹ පොතු, බැලතණ, අමුකහ, ලුණු දමා කොටා මලවා බඳින්න.

බේත් එඬේරු කොළ, පොතු, මුල්, ඇට, දළු, අමුකහ, ලුණු දමා කොටා මලවා බඳින්න.

එරබදු කොළ පොතු, අමුකහ, ලුණු දමා කොටා මලවා බඳින්න.

♦මුත්‍රා පිටනොවීම නිසා යටිබඩ කොරවීම

යටිබඩේ එඬරු තෙල් ආලේප කර උණු ජලය පිරවූ වීදුරු බෝතලයකින් තවන්න.

කුප්පමේණිය කොළවලට කපුරු පෙත්තක් දමා අඹරා යටිබඩේ ගාන්න.

යටිබඩේ එඬරු තෙල් ගා බැබිල කොළ කොටා එයින් පොට්ටනියක් සාදා යටිබඩ තවන්න.

♦ඉක්කාවට

අරත්ත අල මී පැණියෙන් අඹරා දිවේ ගාන්න.

සුදුලූනු, බැවිල මුල්, උළුහාල්, ගම්මිරිස් තම්බා බොන්න.

► අන්තර්ජාලය ඇසුරෙනි